නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ - සත්තයි මට ඔබ වාගේ - sewanalla se saththai mata oba (Dilki Uresha)


sewanalla se oba unnu kale


සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ
මට තනිකමක් දැනූනේම නෑනෙ
අද මගෙ ලගින් ඔබ නොමැති මොහොතේ
මට දැනුනෙ නම් මහ තනිකමක්නෙ 
ජීවිතේ නුබ නමින්  තනි උනා

හමුවුණු තැන් වල මතකය විතරයි අද ඇත්තේ
අපි ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ
මියගිය ප්‍රේමය හදවත පතුලෙම මාගේ
සදහටම මිහිදන් කලා

සත්තයි මට ඔබ වාගේ 
කවුරුත් නෑ මේ ලෝකේ 
උපදින බවයක් ගානේ 
ඔබගෙම වෙන්නයි ඕනේ 

සුවදක් දැනේ මට ඔබගෙ පපුවේ 
මගෙ වේදනා ඔබ දන්නෙ නෑනෙ 
මැරුනත් හදේ තියෙනා මේ සෙනෙහේ 
වෙනසක් නොවේ සංසාර ගමනේ
ජීවිතේ නුබ නමින් තනි උනා

සත්තයි මට ඔබ වාගේ 
කවුරුත් නෑ මේ ලෝකේ 
උපදින බවයක් ගානේ 
ඔබගෙම වෙන්නයි ඕනේ

මාරුතයක ඔබ පැටලී ආවද - හුස්ම ඔයා - maruthayaka ona husma oya (Sandeepa Jayalath)


maruthayaka oba patali awada

මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්

ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා
මගෙ හුස්ම නුඹයි
මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයී

ආදරයට හුස්මන් තැවරූ ඔබමයී මාගේ
ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ

ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්

ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා
මගෙ හුස්ම නුඹයි
මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයී

මිහිරාව ආවා - mihirawa awa (Sajitha Anthoney)


 
sajitha anthoney , mihirawa awa lyrics


කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා
සුළඟට සලිත ලියවැලක් ලා දලු පෑවා
විලකට නෙලඹු මලතුරේ පිණිබිඳු දෝවා
මලකට සුවඳ පොද වගේ මුවරද නාවා

මිහිරාව ආවා
මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම්සුවඳ නෑවා
මිහිරාව ආවා
මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම්සුවඳ නෑවා

ඔය තුරුලෙමයි පියබඳේ
ඔය තුරුලෙමයි පියබඳේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ

සංසාරණ්යයේ බෝම විසකටු තියේ
මේ ආරණ්යයේ ඉන්න මට පින තියේ
මිහිරාව ආවා
මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා
මිහිරාව ආවා
මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා

ඔය තුරුලෙමයි පියබඳේ
ඔය තුරුලෙමයි පියබඳේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ

හිරු…

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ - sihinayaki oba (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප හද ලංවෙලා

"

කඳුලු පිසදාලන සඟවාලන - kadulu pisadalana (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"කඳුලු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුබේ සිනා මල්
නුබේ සිනා මල්......
කඳුලු පිසදාලන සඟවාලන.......

අවර නැකත නොවේ....
තරු පීදෙන සදපායන නුබමය රාත් රී...
සතුටු කදුලු පිපේ...
මල් යායක සිත්  යාකල නුබ මගෙ දේවී...

අරුණ ගලන පැයේ...
නෙත් මානෙන් ඉගිලී යන නුබමය රාත් රී...
සිතට තනිය නොදී....
තුන් තිස් රෑ මල් යහනට වැඩපන් දේවී...

"

ඔබ ඈත සඳවී පායා - oba aatha sada (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"ඔබ ඈත සඳවී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ලඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත් බවිනි හඳ අදුරේ
සෙනෙහසේ සොදුරු බව පිරුනේ

මදු සඳ තරුවද හමුවීලා
සිටියද ඔබ මා ලංවීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිදිලා
"

උදාවෙන්න මේ රාත්‍රියේ - udawenna me rathriye (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"උදාවෙන්න මේ රාත් රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත් රියේ

උයනේ පීදී සුවඳින් නෑවී
උයනේ පීදී සුවඳින් නෑවී
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත් රියේ

දියඹේ බිහි වී වෙරළේ මියැදී
දියඹේ බිහි වී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත් රියේ

"

අශාවේ මල් වැටෙන් එබී - ashawe mal waten (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"අශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු නුඹ මගේ කළු

රෑ නිල් අහසේ නිදන සදවතී
අදින සළු මිදුලෙ එලූ
සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු

පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වෙළු නයන කළු
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු
"

හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක් - hudekala wiramayedi (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේනොවේ සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරේ කියා කියන්න ලංවෙලා ටිකක්//

මුනගැසී කියන්න බැරිව නම් ප් රියාදරේ
රෑ පුරාම නිදි වරා පැතූ පැතුම් දිගේ//
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ

හුදෙකලා විරාමයෙදි.........

රන් හුයෙන් බැදෙන්නෙ ලෝකෙ ප් රථම ප් රේමයක්
හදවතින්ම පිදුනුදාය ප් රේම තිලිනයක්//
ප් රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නේ දේව ගීතයක්

හුදෙකලා විරාමයේදි..........
"

හුදෙකලා විරාමයයි හරි නිසංසලයි - hudekala wiramayayi (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හුදෙකලා විරාමයයි හරි නිසංසලයි
පුංචි මුවැත්තියක් වගෙ ඔබ අහිංසකයි
ළය තුරුලට තුරුළු වෙවී ආදරෙ කියයි
ඒ ආදරේ ලබන්න පිනැති
පෙම්වතා මමයි

කවි මූමුණන රතු තොල් පෙති හරි හැගූම්බරයි
ඒ තොල් පෙති සිප ගන්නට
හිතට හරි බයයි.
මල් පෙති වැනි සිනිදූ දෙතොල්
රිදෙයිදො සැකයි
එහෙම උනොත් ඔබ වැලපෙයි
හිතට හරි දුකයි

හුදෙකලා විරාමයයි.....

දාස්පෙතියා මල් සුවඳ ට
හිත ඉබෙ ඇදෙයි
හිනැහෙන ඔබේ දෑස් අගට
කදුළු බිදූ ගෙනෙයි
හූරතලෙට කීව කතා
ආදරේ ගෙනෙයි
එතකොට මගෙ හුරතලීගෙ
මුව සිනා පිරෙයි.

හුදෙකලා විරාමයයි හරි නිසංසලයි...
"

හිරු විකසිත වී මියයන පොළවේ - hiru wikasitha wee (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හිරු විකසිත වී මියයන පොළවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
ලෝකය බිහිකල මවුනේ මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී

හිරු විකසිත වී...

හදමඬලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී...
"

හිමි නැති සෙනෙහේ - himi nathi senehe (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහි වීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුනා//

අතැගිලි නොගැටී
සිතින් අප එක්වී
මියෙන තුරා ලංවී හිදිමූ
නොදැනී කව්රුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන හිදිමු//

හිමි නැති සෙනෙහේ............

ඉරනම විසදී
යලි අප හමුවී
දවසක් ඒවී ඔබ මගේ වී
ඔබගේ සතුටයි මටනම් ඕනී
ඒ ටික ඇතී මියදෙන්න කලින්.......

හිමි නැති සෙනෙහේ..............

"

සෙනෙහසකට අරුතක් පුරවන්නට - senehasakata aruthak (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරලේ රළ මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුළක් සිදුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...

සෙනෙහසකට අරුතක්...//

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...

සෙනෙහසකට අරුතක්...//
"

සියඹලා මලක්‌ ඔබ දෝතේ පිපෙනකොට - siyabala malak oba dothe (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට....

පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ
මේ සිත ඔබට ආදරෙයි............

නෙතු සිඹින පුරහඳ ලස්සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
සිහිනෙන් ඇවිදින් මගේ යහනේ
ඉන්න දෙව්දුව..............
"

සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ - sada nawath kamak nathe (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ

කුස ගින්නට රස මසවුලු ලැබුනත් මොකටද
මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට
මහලු මඩම දඟ ගෙයක්  ය දඟ ගෙයි ලෑමට
එකම වරද නුඹේ පියා වයසට යාමද

පසලොස්වක පෝය දාට ගමේ විහාරෙට
හිත දුවලා වැඳලා එයි මම හැදු පිලිමෙට
මගේ පුතා මතු බුදු වෙයි එකක් කලොත් මට
නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට
"

සඳ එළිය ගලා එන රාත්‍රියයි - sada eliya gala ena (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සඳ එළිය ගලා එන රාත් රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ උනත් සමුඅරන් යා යුතුමයි

ඇඟිලි පටලා...... සිටිය කාලේ......
අපිව දුර නෑ........ කියා දැනුණේ.......
තනුව උදුරා....... සොඳුරු ගීතේ.......
දවස ඇයි මේ....... නපුරු වූයේ........

සඳ එළිය ගලා එන..................

කඳුළු පිරුණූ........ දෙනෙත ඔබගේ......
බලන්නට බෑ........ දුකයි දැනුණේ.......
අහිමි වූවා....... ප් රථම ප් රේමේ.....
කඳුල පමණී...... උරුම සෙනෙහේ.....

සඳ එළිය ගලා එන...............
"

වෙන්වෙන්න දැන් ලඟයි - wen wenna dan lagai (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"වෙන්වෙන්න දැන් ලඟයි
වෙන්වෙන්න බෑ දුකයි
අපෙ සිත් අහින්සකයි
කඳුලක් වගේ හඬයි.... //

ආදරය සඳදිලී - හිත පුරා දැල්වුනී
ඒ සඳ මිලාන වී - නෙතු කඳුළු දෙන හැටී... //

වෙනවෙන්න දැන් ලඟයි...

මල් පිපෙන තරමට - හිත සවඳ වෙයි පෙම
ඔබ නොදැක ඉන්නට - මට බහැ තනියි මට... //

වෙන්වෙන්න දැන් ලඟයි...

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ - labunath neth yuga (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"ලැබුනත් නෙත් යුග දහසක උරුමේ..
මදි මට මුලු සංසාර යුගේ..
ඔබව බලා ගන්නට අම්මේ..

ඉර හඳ පතුරන එළියට වැඩියෙන්
ඔබ මට හරි එළියයි අම්මේ..
දහසක් නෙත් මට මදි අම්මේ..
ඔබව බලා ගන්නට අම්මේ..

ලේ කිරි කරලා අම්මත් මා දුක්
පෙව්ව්ද නැත්නම් ඊට වඩා
ඉර හඳ තරු සෙනෙහසට යටත්කොට
දියකර පෙව්වද සේද වලා

දස මාසේ කුසෙහි මා දරලා
ඉසිලු බර තව ඔබට මදි
දරු සෙනෙහස මතු බුදු කරවන්නට
මවු පදවිය ඔබ ලබන ලදී
"

රෝද හතරේ මාලිගාව - roda hathare maligawa (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිලි වලාව
පිටුපස දූවිලි වලාව
කැරකෙනවා
අපි අයින් වෙලා පයින් යමු පුතේ

ඇතුළ නුවරඑළිය වගේ
පිටතින් කළු වලා නැගේ
බාගෙට සිංහල බාගෙට ඉංගිරිසිය මරණ ර ඟේ
ඉංගිරිසිය මරන රගේ

රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිලි වලාව
පිටුපස දූවිලි වලාව
කැරකෙනවා
අපි අයින් වෙලා පයින් යමු පුතේ

රන් පොට මල් දිලිසෙනවා
නා දළු සේ බැබළෙනවා
චීස් බටර්වලින් තැනූ දෙව් රූපය ඇවිඳිනවා
දෙව් රූපය ඇවිදිනවා
"

මගේ දරු පැටව් අහසට දෑත දිගු ක‍රන් - mage daru petaw (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"මගේ දරු පැටව් අහසට දෑත දිගු ක රන්...
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්...
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්...
යන්න නුබ ගියා උකසට දරු සෙනෙහෙ අරන් ...//

ඇහැල මල් පිපුන දෙවැටදි හමුවෙලා එදා..
දුන්නු බහ නිසා ඔබටත් දුක උරුම වුනා..//
අහස් යන්තරේ ගේ පැල පහු කරන් ගියා..
පුන්චි උන් හඩයි අම්මා බැස්සෙ නෑ කියා..

මගේ දරු පැටව්...................

කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි...
නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි...//
මටත් නින්ද නෑ සිත නුබ ගැනම ගතු කියයි..
හඩන සිත නිවන මල් පැනි නැතිව බැරි හැඩයි..

මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්..
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්..
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්..
යන්න නුබ ගියා උකසට දරු සෙනෙහෙ අරන්..
"

දැනෙනා තුරු මා - danena thuru ma (Dinesh Gamage)



danena thuru maa, dinesh gamage

 දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කඳුලක රස විඳිමින්

නුඹගේ පහසේ
රහසක් වුණු මාගේ
නොලියූ කවියේ
පද එකිනෙක බිඳුනේ

දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා

අපගේ වරදේ
ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා

නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත

නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්

වෙන්වී යන බව දැන…

පුංචි හැඩකාරියේ - punchi hadakariye (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"පුංචි හැඩකාරියේ
යෞවනේ දොර ඉන්න මගේ දුවේ
මට බයක් දැනේ නුඹ ගැන මගෙ දුවේ
පුංචි හැඩකාරියේ....

කව්ද පාර දිගේ එහේ මෙහේ ගියේ
නුඹත් හැඩවී වැට ලඟම ඇයිද දුවේ... //
අසා ඒගැන සිත තලන්නත් බයයි
මම අසරණයි මගේ සුදු දුවේ

පුංචි හැඩකාරියේ.....

හැමදාම නුඹව මට පුංචියි දුවේ
තාත්තයි මම නුඹගේ මුරකරු නොවේ... //
නොකියා මට නුඹ උන්ගැන කේලම්
මාව අසරණ කරනවා සුදු දුවේ

පුංචි හැඩකාරියේ....
"

පැහැසර අරුණක ඉරමල පිපුනාවේ - pehasara arunaka (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"පැහැසර අරුණක ඉරමල පිපුනාවේ...
යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ...
හිමිදිරියේ...සීතල හීනෙක දැවටීවත්
පරවි පියාපත් ඇසුනාවේ...

සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...
සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...

පැහැසර අරුණක...

ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...
ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...

පැහැසර අරුණක...
"

නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි - nube sina muwa madalata (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි..//

සද්ද කර බඹරු මලවට ඉගිලෙයි මනරම්
සද්ද මොටද රූ සිරි වින්දා මං රහසින්.//

නුබේ සිනා

බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවදින්
එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..//
"

නුපුරුදු ඔබ දුටු පලමු දිනේ - nupurudu oba dutu (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ හිඳ පුරුදු ඇතී
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

පෙර කිසිදා අප හමුවී ඇතිබව ඉඳුරා කියත හැකී
හමු වී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇතී
යුගයක වෙන්න ඇතී

බවෙන් බවේ අප පැතුම් පතාගෙන ඔබ මා ආවාදෝ
ඉසුරුමුනියෙ පෙම් දැහැන රකින්නට අප මෙහි හමු වීදෝ
අප මෙහි හමු වීදෝ
"

දීපාවලී දාට දීපාවලී සඳ - deepawali data (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
දැන් ගිනි අඩුවෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්

කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්
දැන් තරහා නිවී ගිහින්
තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්

දීපාවලී දාට දීපාවලී සඳ අරන්...
"

එක දවසක අපි නූපූරුදූ සුවඳක - eka dawasaka api (Sandeepa Jayalath ft Kalpana Kavindi)


Eka dawasaka api theme song


එක දවසක අපි නූපූරුදූ සුවඳක හිත හෙමිහිට බැඳුනා

අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැගුනා
ජන්මෙන් ජන්මේ
ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා

තුන් හිතක සීතලේ ගුලි වුනු පෙම් කවක් තියෙනවා කියන්න
දිව්රන්න ආදරේ නාමෙන්
මා හැරදා
නොයන බව
ඔබේ සූවඳ දැනුණා
හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා

මේ ලොවම සැහැසි වූ අඩ සඳ
මා හදෙන් වෙන්වී නොයන්න
ආදරේ සනාථ පැතුමන්
මතු භවෙත් හදේ රැඳෙන්න
ඔබේ සුවඳ දැනුණා
හද මගේ නිවුනා

ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා 

දස මසක් පුරා මා නුඹගේ කුස දරා - dasa masak pura (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"දස මසක් පුරා මා නුඹගේ කුස දරා
ලේ කිරෙන් පොවා මා හදෙහි පන පොවා
ගං දියට මෙමා දෑතින් නුඹ විසි කලා
කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා
කෑ මෙර දුන්නත් අම්මා මා හැර ගියා

වතුර පෙවි හුස්ම ගන්න බැරි උනා
මරන බයෙන් ගොඩට එන්න වෙහෙසුනා
අවසන් මොහොතෙත් අම්මව සිහි වුනා
ඔබේ පුතා ගං පතුලට බිලි වුනා
ඔබේ පුතා ගං පතුලට බිලි වුනා

දස මාසේ ගාතාවේ පද කියා
මම වැන්දා මගේ අම්මේ නුබේ දෙපා
විසි කරනා මොහොතේ වතුරට මෙමා
සිහි වුවේ නැතිදෝ ඒ මා කියා
සිහි වුවේ නැතිදෝ ඒ මා කියා

පන්සලකට දුන්නා නම් ඔබේ පුතා
සිවුරැ දරා සඟ රැවනක් වි සදා
අම්මාවත් සසරින් එතෙරට තියා
සනසනවා අකලට පර වි නොයා
සනසනවා අකලට පර වි නොයා
සනසනවා අකලට පර වි නොයා

"

ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව - golo daruwek una (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව
දාල ගියෙ ඇයි මේ ලෙස ළමා නිවාසයක
දෙමව්පියන් නිතර ඇවිත් දන් දෙනවා මෙහෙට
ඒ පින් වත් ලබා ගන්න අම්මෙ ඇවිත් යන්න

මං මෙලොවට ඉපදීමත් කරදරයක්ලූ
මේ තත්වෙට මං වැටුනේ ඔබෙ වරදින්ලූ
යන එන අය මං ගැන තව තව හොයනවලූ
ලස්සන කොලු පැටිය කියල යන්න යනවලූ

ගොළු දරුවෙක් .......

හදාගන්න අරන් යන්න ඉල්ලනවා මාව
දැනගත්තම ගොළුයි කියල දාල යනව මාව
මේ ලිපිය ලියන්නේ දකින්න මගෙ සුදු අම්මාව
වැඳල කියන්නම් අම්මේ අරං යන්න මාව
අරං යන්න මාව

ගොලු දරුවෙක් ......"

ගීතයක් සේ මතුවියන් නොසිතු වෙලාවක - geethayak se (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

ගීතයක් සේ මතුවියන් නොසිතු වෙලාවක
හීනයක් සේ පෑදියන් තනි වූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසි

හෙට දිනත් පෙරමක් අරමුණක් නැති ගෙවන දිවියේ
ඉසිබුවක් ලෙස හෝ
ගෙවුනු රසබර මතක මතුකර හිනහියන්
මා හැරදමා ගිය මියුලැසි

හිනහෙමින් වැලපෙමින් දුටු සිහින පෙම් පිරූ සමයේ
සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී

ගැලූ දිය කඳ හැපී බිඳුනා - gelu diyakanda (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ...//

එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා
මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා...
විල් තලය හැඩ නෑ...

ගැලූ දිය කඳ...//

පැතලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ
පව් කෙරුව හින්දා...
වෙන්ව යන් නොහඬා...

ගැලූ දිය කඳ...//

කවියක් වී තොල්පෙති මත මුමුණන්න - kawiyak wee (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

කවියක් වී තොල්පෙති මත මුමුණන්න
හෙමි හෙමීට ඔබ මගෙ තුරැළට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න //
⁣⁣
⁣⁣පෙු්මය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි පෙු්මය රැදුනාම
සංසාරෙම සුවද දේවී බැඳුනාම
සඳදෙව්දුව යන්න එපා නොකියාම

කවියක් වී

කදුලු තාම නෙත අද්දර නොදැනේද
බිදුනු දාට මට තරවටු නොමදේද
රිදුම් එපා ⁣පෙම්කළ හිත කිසිදාක
ඉන්න ළගින් සඳ දෙව්දුව හැමරෑක

කවියක් වී

කදුලු හුරතල් වැඩිද මන්දා - kadulu hurathal (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

කදුලු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඩෙන හින්දා
සිහින කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනක රන්දා
කදුලු දුක රහසේම වින්දා

මලක මොලකැටි සුමුදු පෙති මත
ලියු සෙනෙහස රිදුමි දෙන සද
පුරාගෙන නෙත් පියන් නොදැනීම
කදුලු වැටුනා අහිංසක ලෙස

නපුරු වු පෙම් විමන් බිදලන
සිතක් කොතරම් නපුරු වු වද
කදුලු හිනහෙන විටදි නෙතු අග
අසරණයි යළි තනයි පෙම් ලොව..

කඳුළු හුරතල් ..



උදේ හවා මල් පිදුවට බුදු කුටියේ - ude hawa mal (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"උදේ හවා මල් පිදුවට බුදු කුටියේ
අපි නිවන් යන්නේ කොහොමද මගේ සුදු මැණිකේ 
අපේ පැටව් ගියත් ගමේ නන්නත්තාරේ
පුළුවන්ද මැණිකේ නිවන් යන්න පැටව් පව් අපේ

කැලෑසියෙන් කැලෑසියට යන්නට ඉහලට
කොලීජීයෙන් කොලීජියට දැම්මත් ලොකුවට
අපි මොනවා කරන්නද මැණිකේ අපේ කරුමෙට
නැහැදිච්ච එවුන් උනේ අන් අපේ පැටව්ම

බත් මුට්ටිය තරහ උනත් මොනව කරන්නද
බත් ගිලෙන්නේ නෑ මැණිකෙ මගේ උතුරෙන් පහලට
නැහැදිච්ච එවුන් උනත් අපේ දරුවො මරන්නද
අපි උන්ව නිවන් අරිමු මැණිකේ දීලා අප් පින

උදේ හවා මල් පිදුවට
"

ඇතුල් හිතේ හිත පතුලෙම - athul hithe hitha pathulema (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"ඇතුල් හිතේ හිත පතුලෙම
පරිස්සමින් හංඟා..
තුරුළු සුවේ සියුමැල්ලෙන්
පිරිමැද නිදිකරවා..
පතුල් පවා සිඹ සිඹ
නිදුකින් මා කර පින්නා..
නැළවිල්ලෙන් ආත්මයම
උණුහම් කල අම්මා..
මගේ අම්මා...

වචන රහිත දිගම පේන
ගීය කනේ රන්දා..
දුකින් තොරව දිවි ගෙවන්න
පාර කියුවේ අම්මා..
නැතිබැරි කම් හංඟා
ඇති දේ පිරිමහලා..
කවා පොවා හැදුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..

හරිම තැනින් පටන් ගන්න
කියා දුන්නු හින්දා..
හොදම දෙයක් කරන් යද්දි
සතුටු වෙන්නේ අම්මා..
සැප විදිනවා දැකලා..
හිස සිඹ සුභ පතලා..
හිනා වෙවී හැඬුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..


ගායනය : අසංක ප් රියමන්ත පීරිස්
පද රචනය : කැළුම් ශ් රීමාල්
සංගීතය : රධීෂ් වැන්දබෝනා
"


අනේ මහත්තයො අරගෙන ආවට දානේ - ane mahaththayo aragena (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

 "අනේ මහත්තයො අරගෙන ආවට දානේ
පින් දෙන්නම් නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියානම් ඔබ වාගේ
මොනවා නොලැබුණත් කමක් නෑ මතු ආයේ.....

පුතයි දුවයි දෑතේ එල්ලිලා එනකොට
සෙලවෙනවා මහත්තයෝ අපෙ කඳුලු කැට
අපෙයි කියන්නට අම්මෙක් අප්පෙක් නැතිව
විඳින්න සතුටක් කොයින්ද පුතෙකුගෙ හිතට....

අනාථ නිවසේ පිවිසුම් දොරටුව ළඟට
ගිහින් යවනවා ඇස් දෙක බලන්න දුරට
අම්ම තාත්තා කියලා කියන්න රටට
කිසිම කෙනෙක් ආවෙ නෑ බලන්න අපිව...

අනේ මහත්තයො....
"



මේ කිරුල බර වැඩී දේවී - me kirula bara wadi (අමරසිරි පීරිස්,උමාරියා)


Amarasiri Peiris song lyrics


මේ කිරුල බර වැඩී දේවී
ගිනි ගැනී ලය රිදුම් දේවී
ඔබම පැලඳූ සිරස
ප්‍රේමයේ මිණි කිරුල 
තවම මා හිස රඳයි දේවී
එයම මට බර වැඩී දේවී

සඳ කිඳුරු භවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමී
එදා සිට සපථ කල 
ප්‍රේමයෙන් ආතුරව 
පැමිණි මග මෙයින් නිම වේවී
සමු ගන්න අවසරයි ස්වාමී

මිතුරියක සොයුරියක 
සෙනෙහසම පිදු මවක
මග නොමග කියා දුන් 
ඇදුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී 
මවෙත ආ සඳකිඳුරු දේවී

මිතුරියක සොයුරියක මවක පිය සොඳුරියක
මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක
ආ ගමන නිමා කර පේවී 
නික්ම යයි සඳකිඳුරු දේවී

රැයම නොනිදා රැඳි
මගේ නෙතු මත හිඳී
මතක ගිලිහෙනු නොදී
ඔබ මසිත පිරිමදී
සසර මග අත නොහැර පේවී
යලි එකට මුන ගැහෙමු දේවී

දෙසිත් යා කර බැඳී
ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී
මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යලිදු මුන ගැහෙමු ස්වාමී

අම්මා ජීවන උයන්තෙරේ - amma jeewana uyanthere (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


අම්මා ජීවන උයන්තෙරේ
ඔබ මට සුවය ගෙනේ

අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ

සඳ වතුරින් නොව රුහිරෙන්ම දිය කොට
අමිල වු සෙනෙහස පුතුට පොවනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුලට ගෙන නිබඳ සරනු මැන

අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ

කඳුලින් ඉපදී කඳුලෙන්ම මියැදුණු
රඟ මඬලේ මිණි පහනක් වනු මැන
සෙනෙහස ගිලිහී වියළුණු පුතු ලොව
මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන

අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ

සෙල්ලම්ගේ පාළුවෙලා - sellam ge paluwela (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


සෙල්ලම්ගේ පාළුවෙලා
බෝනික්කා තරහා වෙලා
කෝම්පිට්ටු මාළිගාව කැඩිල ගිහිල්ලා
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ

චණ්ඩිකමට රණ්ඩු කරලා අම්ම එක්ක තරහාවෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගෙ ගෙදර ගිහිල්ලා

බිංකුන්ඩෝ බිම නටවලා වැලි සෙල්ලම් බතක් උයපු
හඳ මාම රන් තැටියට කිරියි පැණියි ගෙනත් කවපු
අතුරු මිතුරු දඹදිව තුරු කිව්ව පුතා මං
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා

සඳට සැහැසිකම් කළ අය - sadata sahasikam (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


සඳට සැහැසිකම් කළ අය
සඳ එළියෙන් සැණසුනාම
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
නුඹට ආදරෙන් සිටි අය
නුඹ හා දොඩමළු වෙනකොට
මට නම් එය දරාගන්න බෑ

සුවඳ මතක් වී පෙරදා
යළිඳු නුඹ වටා සරනා
බිඟුන් නිසා මගෙ හිත නිද නෑ
තුඩින් තුඩට රොන් ඉඩ හැර
දිනෙන් දින පිපී පරවෙන
මලක් නිසා මට නිවනක් නෑ

සුවඳක් තනිවම විදින්න
බඹරෙකු උහුලන ගින්දර
මලකට කිසිදා පෙනෙන්නෙ නෑ
නුඹගෙන් උණුසුම විඳිනා
මගෙ හිත ලඟ දඟ කෙරුවත්
නුඹට උණුසුමක් දැනෙන්නෙ නෑ

මුතු කඳුලින් මා දෙනෙතේ - muthu kadulin (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා //

සඳ මඩලේ තරු පොකුරේ
රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා

මුතු කඳුලින් ...................... //

මල් පිපුනේ රොන් පිරුණේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා

මුතු කඳුලින් ...................... //


පෙර දිනේ වාගේ හමුවෙලා - pera dine waage (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ
රැදුණොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ
මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුණේ නෑ
ලැබුණත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ

තවම ඔබේ පින්තූරේ...
සඟවගෙන ලොවට රහසේ
එයට මගේ හැම කීවේ...
ඔබත් ළඟ නැති නිසානේ
හැමදාම සිහිපත් වෙනා...
කිසිදා යළි මුණ නොගැහෙනා
මට අහිමි වූවත් ඔයා...

පෙර දිනේ වාගේ......

ගෙවෙන පැයේ දිවිය මගේ එකම පැතුමයි පතන්නේ
ලබන අපේ සංසාරේ ළඟම ඉමු එකම හෙවණේ
මට ආයේ ලැබුණොත් ඔයා මැණිකක් වාගේ රැකගන්නවා
මගේ හදවතේ රඳවලා...

පෙර දිනේ වාගේ......

දෑසෙ කතාවෙන් - dase kathawen (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

නිමවූ කතාවන් ගොළු වී තියේ
දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ
කඳුලක් වුණා ඔබේ
සෙනෙහේ මගේ ලොවේ

දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

අද හෝ හෙටින් හෝ මතු කවර දා
තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා
පිළිගන්නෙමි සදා
මා ඔබෙම වේ එදා

දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

පර වී ගියේ නෑ මගෙ චේතනා //

ඔයා හින්දා මං වින්දා - oya hinda (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා..

වෙනස්වී - දුකක්දී
ළඟින් ඈ දුරස් වී..

මා ඔබේ කියලා, දෑතම පටලා
වෙරලේ පියමැන්න කාලයේ..
මතකය ගෙවෙනා, ආදරේ පිරිලා
පාළුව ගොඩ ගැහුනා ජීවිතේ..

කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ..

ඔයා හින්දා..

කාලය ගෙවිලා, ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ භවේ..
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ..

කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ..

ඔයා හින්දා..

ඔබ දකින දකින හැම වාරේ - oba dakina dakina (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


ඔබ දකින දකින හැම වාරේ
හද බැදුනු රැදුනු හැටි මාගේ
සිතේ තනිය තනිය මැකුනාවේ
ළං වෙන්න දෙන්න ඔබ මාගේ....//
දකින දකින හැම වාරේ
හද බැදුනු බැදුනු හැටි මගේ

මනහාරයි ඔබේ මනමාලයි සෙනේ....//
රගදෙන්න දෙන්න අංගනාවී
හඳ මඩල පුරා පෙම් රස උතුරා
ළඟ ඉන්න ඉන්න ඔබ මාගේ

ඔබ දකින දකින...//

රස ප් රේම වැලේ එතිලා ගෙතිලා...//
රැක ගන්න ගන්න බැදි ආලේ
ඔබ එන්න එන්න පෙම ගන්න ගන්න
සැනසෙන්න සදා ළඟ මාගේ

ඔබ දකින දකින.....

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ - atha tha chandra mandale (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


ඈත ඈත චන්ද් ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙළේ
පුංචි පුංචි මල් සිනා මලේ
හැංගුවාද ආදරේ අපේ//

අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ

පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා
අත් පටලා කවි සිංදු කී ලීලා
සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ ඔබ
හින්දා දුක් කඳුලේ තනිවෙලා

ආපසු යන්නට පාර කියනවද - apasu yannata (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි //

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ

ආපසු යන්නට පාර කියනවද............

කල්ප කාලයක් පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ

සියුම් තැන් රතුවෙලා - siyum than rathu wela (මිහිදු ආරියරත්න - mihindu ariyaratne)


Mihidu ariyarathna , sinhala song lyrics


සියුම් තැන් රතුවෙලා
ගතේ සුම් හිරවෙලා
හැඟුම් වැගිරී සැතපිලා
කොතැනකම හෝ වැරදිලා

මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීනදම් පටලලා
සිරගෙයක අද රඳවලා

නෙත ගැටුණු වහවැටුණු කෙටි කාලයේ
ස්පර්ශයට හිරිවැටුණු අනුරාගයේ
උමතුවේ කෙලවරට ගෙනගියේ කීමමැනේ….ආදරේ

නැහැ සිතුවේ සමුදෙන්න කිසි කලකදී
දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී
කාලයේ රළු කෙමක් පැතිරුණේ මහ විසක්
අපේ ලොවේ… ජීවිතේ

අනාවැකියක් කියනවානම් - anawekiyak kiyanawanam (මිහිදු ආරියරත්න - mihindu ariyaratne)


Mihidu ariyarathna , sinhala song lyrics


අනාවැකියක් කියනවානම්
ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත
මගේ වෙනවානම්

මලෙහි අවසර ලැබෙන තුරු මල්
පෙති නොවිඳි බඹරුන්
මම වෙමිය සොඳුරියෙ //
එනයින් ඔබ පිපෙ සුවඳින්
සුවඳින්

සඳෙහි අවසර ලැබෙන තුරු සඳ
දිය නොවිඳි කුමරුන්
මම වෙමිය සොඳුරියෙ //
එනයින් ඔබ පිපෙ සුවඳින්
සුවඳින්


අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා - athaherena athagillen (මිහිදු ආරියරත්න - mihindu ariyaratne)


Mihidu ariyarathna , sinhala song lyrics


අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා
සමුගෙන මා තනිවෙන්නම් මතු සැමදා
සැමරුම් තනියෙන් හිත විඳී
එදා ඔබ මා සතු නොවී
මඟහැරුනා අපි ආදරී
තවමත් නෑ වෙනස් වෙලා
දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා
වෙන් වෙලා

සදාතනයි එදා හිත තියේවී
ඔබ ගැන තවම සිතා
අකාලිකයි පෙමත් ඔබ දකීවි
මතු මා ලඟ රැදිලා
තුරුලේ උන් හැටි
මතකයි මා වැලපෙමී
තවමත් නෑ වෙනස් වෙලා
දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා
වෙන් වෙලා

හඬාවැටි පලක් නොම තියේවි
ඔය හිත දෙතැන තියා
පමා නොවි නිමක් සොයමු ප්රේමි
අපි අපි ගැනම සිතා
තුරුලේ උන් හැටි 


ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X