නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සඳට සැහැසිකම් කළ අය - sadata sahasikam (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


සඳට සැහැසිකම් කළ අය
සඳ එළියෙන් සැණසුනාම
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
නුඹට ආදරෙන් සිටි අය
නුඹ හා දොඩමළු වෙනකොට
මට නම් එය දරාගන්න බෑ

සුවඳ මතක් වී පෙරදා
යළිඳු නුඹ වටා සරනා
බිඟුන් නිසා මගෙ හිත නිද නෑ
තුඩින් තුඩට රොන් ඉඩ හැර
දිනෙන් දින පිපී පරවෙන
මලක් නිසා මට නිවනක් නෑ

සුවඳක් තනිවම විදින්න
බඹරෙකු උහුලන ගින්දර
මලකට කිසිදා පෙනෙන්නෙ නෑ
නුඹගෙන් උණුසුම විඳිනා
මගෙ හිත ලඟ දඟ කෙරුවත්
නුඹට උණුසුමක් දැනෙන්නෙ නෑ

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X