නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

අවසන් හුස්ම - Awasan husma ( Krishantha Erandaka)




අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුබ නැතිදාට මේ..ජීවන මඟ යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න....
මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
පෙම්ලොව දුටුව නුබදැයි සිතෙනා තරම
රිදුනත් නුබට හසරැල් පුදලා මෙමට
මුව මත ඇදෙන නුබේ පෙම්වත් බව අරුම....
පැතුවත් තනිව නික්මෙන්නට නුබට පෙර
මම නැති දාක නපුරක් නුබ හට වේද....
තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය..

අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් - Anawakiyak (Mihidu Ariyarathna)




 අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්

මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙති නොවිඳි බඹරුන්
මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙති නොවිඳි බඹරුන්
මම වෙමිය සොඳුරියේ
මම වෙමිය සොඳුරියේ
එනයින් ඔබ පිපේ සුවඳින්
සුවඳින්

සඳෙහි අවසර ලැබෙන තුරැ සඳ දිය නොවිදි කුමරැන්
සඳෙහි අවසර ලැබෙන තුරැ සඳ දිය නොවිදි කුමරැන්
මම වෙමිය සොඳුරියේ
මම වෙමිය සොඳුරියේ
එනයින් ඔබ දිලේ සතුටින්
සතුටින්

අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත

ගංගා දිය වැල් ගලා - Ganga diya ral gala (Punsiri Soyza)




 ගංගා දිය වැල් ගලා
යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා //

වන පෙත් හෙලි වේ
රන් කෙත් සරු වේ
කම්හල් ඉදිවේ මේ දෙරණේ
ජන රජ දහනේ
ජය දද හෙවණේ
අප අද බොන්නේ ජය පානේ

ගංගා දිය වැල් ගලා...

අළුයම අහසේ
පායන හිරු සේ
පිබිදී හඬවා ජය සංකා
සව් සිරි සපුරා
රන් කෙත් වපුරා
සුරකිව් සැමදා ශ්‍රී ලංකා

ගංගා දිය වැල් ගලා

යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා //

යමු යමු පෙරමුණ බලා ///

වන්නි වන පෙතේ - Wanni wana pethe (Sunil Edirisinghe)


 
වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
කල්පකාලයක්

පරපුර දුන්නු දන් ඇතත් හිත තුළමාසෙකට වරක් ලැබෙනුයෙ
සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් බත් පත
කවුරුවත් එතැයි බිය වැදදොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්

Merry Christmas baby - Yohani



 I break down
Every year
When this time comes around
I already know
How it looks like
In town

Merry Christmas baby
You don't come home
Merry Christmas darling
Watch me
From above

I turned down
A date
Oh dear
I wish some snow
Could heal my sorrow
Unsteady this month
My heart And it prays for a smile

Merry Christmas baby
You don't come home
Merry Christmas darling
Watch me
From above

සීතලෙන් මිදිලා කඳුලේ
සිහිනයේ නුඹ මැවේ
ආදරෙයි තාමත් සොඳුරේ
නැතත් මා අසලේ

Merry Christmas baby
You don't come home
Merry Christmas darling
Watch me
From above"

ලිය ලියා දුන් ආදරේ - liya liya dun adare (Dilki Uresha)


ලිය ලියා දුන් ආදරේ - liya liya dun adare

 "පාරාලා පාවීලා ගිය හීනේ

හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ
සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
හැමදේම දුන්නා මං ඔයාට කැමැති කැමැති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නේ අපි පටං ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන උනේ ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
කවදාවත් නෑ කඳුලින් නෙත් තෙමෙන්න දෙන්නේ
හැමදේම වෙලා දැන් මං කිව්ව නෑ වෙන්න දෙන්නේ
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නැ නිවෙන්නේ
තේරෙන්නෑ මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ
ඔය මූණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දී ඒකයි රිදෙන්නේ

ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා //

ඔව් මට තව පාරක් හිතන්න තිබුනා
මම ගත්ත තීරණය වැරදී නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුනා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් මිදුන
සමාවෙන්න මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමි හෙමින් මරනවා වගේ පාලුව මාව
ගලයි වරදකාරි සිතුවිලි කඳුලු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරැ වලාවක්
ඔයාගෙයි මගෙයි ආදරේත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්

පාරාලා පාවීලා ගිය හීනේ
හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ
සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
"

අන්සතු ඔබ වෙත - ansathu oba (Thisara)


අන්සතු ඔබ වෙත - ansathu oba

"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී"



ලග ලගටම ඇවිත් ඔයා - langa langatama awith oya (Thiwanka Dilshan)



ලග ලගටම ඇවිත් ඔයා - langa langatama awith oya

"කෙල්ලෙ මම හදේ ..
දුර ඇදේ ඔය දෑස සොයා .. 
හැන්දෑ කලුවරේ දිලිසුනේ..
ඒ ඔබේ සිනා..

ඉද මට නුඹේ පැටලුනේ.. 
මේ හැගුම් සරා.. 
ඉන්න ඉඩ තියෙ මගේ හදේ.. 
ඔබේ නමින් ලියා..
 
ලග ලගටම ඇවිත් ඔයා.. 
තියන්න හිත අවුස්සලා.. 
හිනැහෙන කොට ආසවෙලා.. 
මගෙ හිත මටම හොරා..//

මන්තරේ වගෙ දිව අග.. 
මිමිනෙන වචනය නමම තමා.. 
යන්තම් පොඩි එක මොහොතක.. 
හමුවෙමු අඩමතින් නුරා..
පෙම් කවි මල් මල් මාලා අරගෙන.. 
ගෙලෙහි දමා.. 
ලංකර ගස්සාපං උකුල උකුල මහද සලා..   
මල් ගවුම පාට පාට.. 
තිනගෙ මං දැක්කා මූණේ පිංපාට.. 
පස්සෙන්ම ගාට ගාට.. 
හොරා වගෙ සුදු එන්න මං රෑට රෑට.. 

පිස්සුවක් මේක විනාසකාරී මම..
ලිස්සුවා දුවද්දි ප්‍රේම පාරේ.. 
හරි ලස්සන ගැණූ ළමයෝ..
අරගන්නයි ඕනේ බාරේ කර කර..  
කප්පරයකට දෙන්නම් මං ආලේ.. 
ආයේ එක්කරගෙන යන්නං හදේ යන පාරේ.. 
සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ.. 
තත්පරයක් පාහේ ආදරයක් වාගේ..

ලග ලගටම ඇවිත් ඔයා.. 
තියන්න හිත අවුස්සලා.. 
හිනැහෙන කොට ආසවෙලා.. 
මගෙ හිත මටම හොරා..

කෙල්ලෙ මම හදේ ..
දුර ඇදේ ඔය දෑස සොයා .. 
හැන්දෑ කලුවරේ දිලිසුනේ..
ඒ ඔබේ සිනා..

ඉද මට නුඹේ පැටලුනේ.. 
මේ හැගුම් සරා.. 
ඉන්න ඉඩ තියෙ මගේ හදේ.. 
ඔබේ නමින් ලියා..

ලග ලගටම ඇවිත් ඔයා.. 
තියන්න හිත අවුස්සලා.. 
හිනැහෙන කොට ආසවෙලා.. 
මගෙ හිත මටම හොරා..//"

ජොලි ජලජේ - jolly jalage (Bimal Jayakody)


 

ජොලි ජලජේ - jolly jalage ugura ugura (Bimal Jayakody)

"ජොලි ජලජේ - ජොලි ජලජේ //

උගුර උගුර කෙකර කෙකර නොබොමු අපි...
ගුඩු ගුඩු ගා එක හුස්මක් ඊට ඇති...
දිව පැටලෙන ඇස් රතුවෙන මුකුත් නැති...
ඕන තරම් එළිවෙන තුරු අපිට හැකි...

රැල්ලෙ එතිලා වැල්ලෙ පෙරළි පෙරළි නටයි බෙල්ලෝ 
රැල්ල එක්ක හැප්පි හැප්පි දැල් ම අදින ගොල්ලෝ 
පිලී ගඳ නසන්න අඩුම කුඩුම දාපු මාලෝ
රසට රසයි ජීවිතයම...
අපි තමයි වැල්ලේ කොල්ලෝ 

කැලති කැලති නොමැරි මැරෙන රැල්ලෙ රඟේ 
බිබිලි නැගෙන ගිනි අව්වෙම කල්ල මරේ 
ඕන විසක් නසන මුහුදු වතුර වගේ 
අපි ඔට්ටුයි ඕන දෙයක් පදිරි නොවේ 

[ජොලි ජලජේ - ජොලි ජලජේ]//

දඟල දඟල නැටුවට කකුළුවා හොද්දේ 
වෙලාවටයි අපේ ගේම නැත මැද්දේ
නිලා පත්තු වෙනකොට තිබුණද සද්දේ 
සිරික්කියම දාපං ඒකයි යුද්දේ

උගුර උගුර කෙකර කෙකර නොබොමු අපි...
ගුඩු ගුඩු ගා එක හුස්මක් ඊට ඇති...
දිව පැටලෙන ඇස් රතුවෙන මුකුත් නැති...
ඕන තරම් එළිවෙන තුරු අපිට හැකි...

[ජොලි ජලජේ - ජොලි ජලජේ]////"


ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X