නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සුදු පාට ගවුමේ - Sudu pata gaume ( Vijitha De Silva)


supun ayeshmantha thilini malkaසුදු පාට ගවුමේ ආදරය බැදුනේ
නුඹ ලස්සනයි නංගියේ
ඔය නීල දෑසේ මා දෑස බැදුනේ
හුරතල් නිසයි පැංචියේ
දෙන්න මට ආදරේ දෙන්න
මගෙ ජීවිතේ
නුබ මගෙ තමයි පැංචියේ
මා ආදරයෙයි නංගියේ ..

කිසි දිනක මා සිතේ නැවතුන නැති
නුඹම පමණක් ඇවිත් නැවතුන හැටි
ආදරය මා සිතේ දලුලන හැටි
නුඹට මා ජිවිතෙත් පුදමි සිතේ
සිත නුඹගෙ ළගමයි නවතන්න බෑ මයි
මා අසරණයි පැංචියේ
ආදරය පුදුමයි මටනම් නොතේරෙයි
මා ආදරයෙයි නංගියේ ..

සුදුම සුදු පාටින් නුඹ එන හැටි
හුරතලය පෙන්නා හිනහෙන ගති
මුලු සසර නුඹ පතා එනවයි සිති
හැමදාම මා සිත හඩවන හැටි
හැගුමන් බොහොමයි සිත ඇතුළෙ තෙරෙපෙයි
පවසන්න බෑ නංගියේ
ජිවිතය පුදුමයි නුඹහටම බාරයි
මා ආදරෙයි නංගියේ ..

සිහින දෙව් දුවේ - Sihina dewduwe (Milton Perera)


Supun Ayeshmantha Thilini Malka
සිහින දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ

සදෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබේ නම ආදරේ

චන්දන දියෙන් දොවාලා
ඔය නලලෙ අත තියාලා
මම ඔබ ලගයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා

කල්යානි නමට අමපෙම්
දිවි බදුන පුදකරන්නම්
ඉපදුනිද බවෙක කිසියම්
මුලු සසරෙදිම ඔබෙයි මන්

අවසාන මොහොත වේවා
ඔබ ලගදි ලගා වේවා
ගිනි නතිව මා දෑවේවා
සිහිවටන එහි මෑවේවා

තව එක සැරයක් - Thawa eka sarayak (Roshan Fernando)


Thilini Malka Supun Ayeshmantha
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
නොසඟවා පවසන්නම්..
ඔබට ආදරෙයි මං..
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
කුමක් කරන්නද මං..
ඔබට ආදරෙයි නම්..

විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
එක මලකට පෙම්කරමි සිතින්..
නෙළන්න ආසයි දෝතින් ඒ මල..
මගේම වන්නට හැමදාමත්..

පාළුව තනිකම මට වද දෙන විට..
කෙලෙසද මා එය ඉවසන්නේ..
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..


ඔබ මගේ වෙලා - Oba mage wela (Mangala ft Kushani)


Thilini Malka Supun Ayeshmantha
ඔබ මගේ වෙලා..
මගෙ ළඟට වෙලා..
නිවාඩු පාඩුවේ කියන්න..
ආදරේ කියා..
සඳ මඬල වෙලා..
තරු ළඟට වෙලා..
කියාදෙන්න ආදරේ කියා..//

මල් පිහාටුවක් නෙළලා..
නිල් වරල සරසලා..
හිත පුරාම ආදරේ අරන්..
කියාදෙන්න ජීවිතේ තරම්..//

තුනු විලම මලින් සනසා..
මල් විලම කලඹලා..
ඔබ එනවද ජීවිතේ අරන්..
කියාදෙන්න ආදරේ තරම්..//

රෑක එක රෑක - Raaka eka raaka (Daddy)


raaka eka raaka, Supun Ayeshmantha ,Thilini malkaරෑක එක රෑක ඔබ ඈත
පාට නිල් පාට ඒ අහස

සඳට තරු සේම මටද
සඳට තරු සේම මටද
ඒත් මම නම් තනිව අද රෑට
ඔබ නැතිව....

සුවඳ මල් සුවඳ මන් ආස
නැතුව සිත තැවෙන ඒ සුවඳ

ලොවක දෙව් ලොවක මිහිර
දහර දිය දහර ගලයි ද
අදුරු මගේ යහනේ සුව සදනා
ඔබ නැතිව....අද රෑට
ඔබ ඈත

මද සුවද ගෙන හමන ඔබේ සුවද
දැනිලා දැනිලා....
ඔබ නැතුවාට සරාගි හැඟුම් පිරිලා පිරිලා
හැඟුමන් පනස් අටක  මා වෙලිලා
ඔබ නැතිව....අද රෑට

ඈතින් ඈතට - Athin athata (Chamara Weerasinghe)


Thilini Malka , I love you so muchඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා...
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග‍ නොතියා
අමතක කරලන්නම් කියා ගියා..
අමතක කරලන්නම් කියා ගියා..

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් පතා වී මග තනිවී

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

ඔය ඇස් දෙකට - Oya ass dekata (Kingsley Peiris)


Thilini Malka , I love you so muchඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං

කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජිවිතේ

පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජිවිතේ

ඔය ඇස් දෙකට ..

මගේ පුංචි කුමාරි - Mage Punchi kumari (Milton Mallawaarachchi)


Thilini Malka , I love you soo muchමගේ පුංචි කුමාරි පමා ඇයිද සැදැවේ
ආල හැගුම් මෝරන යාමේ
පාළුවේ ආල හැගුම් මෝරන යාමේ...//

සිතිජ ඉමේ තනි වෙලා හිරු අවරට යයි ගලා
තව මොහොතින් අදුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැදෙන යාමේ
මා තනිවී සිහින මවාවී

මගේ පුංචි කුමාරි...

රැය එලිවී දින සතකින් යලි ශනිදා ඒවී
කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවී
ඔබ නොලසා ඉන්න දයාවී

මගේ පුංචි කුමාරි...

දිනෙක රන් සළු පළදා - Dineka Ransalu palada (Milton Mallawaarchchi)


Thilini Malka , I love you soo muchදිනෙක රන් සළු පළදා
සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන්...//

ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරු
ගෙවුනු යෞවන විය තනි නොතනියේ උන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැදලා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු

දිනෙක රන් සළු...

වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා
පවස සන්සිදවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිලිහෙනතුරු සියොලග කලු සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා

දිනෙක රන් සළු...

පෙරදාක සුසුමක් - Peradaka Susumak (Theekshana ft Thilina)


Thilini Malka , I love you soo much

පෙරදාක සුසුමක් හිත රැදී..
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී..//

හුරු පුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැදී
කුලුදුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්..

පෙරදාක සුසුමක්...

තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරඹුමේ දැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇදී...
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුඹේ ලග නම්
හිත පිරුනු ආදරේ උහුලන්න මේ තරම්

පෙරදාක සුසුමක්...

පැතු සෙනෙහේ සේයා රූ - Pathu senehe seya ru ( Poorna , Kushani)


පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා...
ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා...
Thilini Malka , I love you soo muchසිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා...
ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා...


කොලම් කරන් ආවට සිතයට ගුලි වෙමින්...
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්...
නොනිදා නෙතේ නවතී නම්...
හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා...
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා...


මායම් හිතේ අදර හැගුමන් තවරමින්...
සුසුමක් දුරින් නැවතුනු හෙටි පුදුමයි ඉතින්...
රැදෙනා හිතේ සුසුමක් තරම්...
සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා...
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා....


පැතු සෙනෙහේ සේයා රූ...

සාගරේ තරම් - Sagare tharam (Dammika ft Thilini)


Thilini Malka , I love you soo muchසාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පුදලා
නුරා මල් හැඟුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹ වෙලා

ආදර කවියේ දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුළඟට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලේ උන් දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පුදලා

පාවෙන සුසුමේ උණුහුම හංගා
හීතල දෙතොලින් දෙකොපුල ඉම්ඹා
සාගර රළ හා තනුවක රංදා
ආදර ගීයම කවියක් ලිව්වා
ඇසි පිය ගෑ ඒ සිහිනේ දුටු දා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මංදා

ආදරේ හිතෙනවා - Adare Hithenawa (Damith Asanka)


Thilini Malka , I love you soooo muchආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා
ගේනවා ඈ රෑ නුරා හීතලේ මා පෑහිලා
ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා
පාවුණා ඈ මා සොයා ඈ සිනා වෑහුනා

ආයේ ආයේ සිහිනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසදාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
තේරුනා කී කරනා යාවුනේ නෑ වේදනා
පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා

ආයේ ආයේ හීනේ...

කටකාරකම් පාලා - Katakarakam pala (Sadun Sasanka)


කටකාරකම් පාලා දඟකාරකම් පෙන්නා
Supun Ayeshmantha and Thilini Malka
හැඩකාර නුඹ මාගේ හිත ගත්තානේ
මම දන්නෙ නෑ තවම ඔබෙ ආදරේ කොහොම
ඇයි මේ තරම් මාව මංමත් කලේ
ඇයි මේ තරම් මාව මංමත් කලේ

මගේ ආදරේ ඉල්ල ඉල්ලා
සමනලියෝ මා පස්සේ ආවා
ඒ කාටවත් ගන්න බැරි වෙච්ච
මගෙ ප්‍රේමේ අරගත්ත මගෙ පෙම්වන්තියයි

කටකාරකම් පාලා...

මගෙ ඇස් දෙකට හාදු දීලා
ඔබෙ උණුසුමෙන් මාව නහවා
පෙම් ලෝකයේ සතුට
විදගන්න මට දුන්න
ඔබ මාගෙ හිත ගත්ත මනමාලියයි

නීල කඳු ගැටේ - Neela kadu gate (Raini, Gayan)


Thilini malkaනීල කඳු ගැටේ
ගේන නිදහසේ
මතින් මත් වුනා..
කුළුඳුල් ආදරේ..
තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී ලොවට දෙයි
සුවේ ලස්සන ජීවිතේ..
නොදුටුව පෙම් ගංඟා..
නෙත් ඉවුරේ හන්ඟා..
මා සිත කලඹනවා..
ග්‍රීෂ්මයෙන් සුව කැන්ඳා..
වසන්තයක් කරපින්නා..
සිසිල ගෙන එනවා..//

රන්තරු දිලේ..ඔය ඇස් වගේ..
රන් කඳ මගේ..පිවිතුරු ආදරේ..
ජීවන මගේ..පන නල හදේ..
සිත නලවනවා..පෙම් රස ආදරේ..
පෙම් හැඟුම් මවනා..මල් සිනා දෙනවා..

මිනි මුතු අගේ..නෙත ඔබ වගේ..
පෙම් කඳ මගේරන්දොර ආදරේ..
චන්දන වගේ..සුවඳට ඔබේ..
මන් මත් වෙනවා..සොඳුරුයි ජීවිතේ..
පෙම් හඟුම් මවනා..මල් සිනහ දෙනවා..

මා ප‍්‍රාර්ථනා - Ma prarthana (H.R.Jothipala)


SKTM and SAWමා ප‍්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවී දෝ


දිලි දිලි දිලි දෙනෙතේ නුරා කැන් දිලේ
සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ
බැඳි බැඳි බැඳි වැසෙමී සදාකල් ප‍්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාවේ
මධුලෝලී බිඟු දෑලේ පෙම් ගී රාවේ


පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ
රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ
ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ
මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ

ඔබගෙ දෝතින් පිදූ ආදරේ - Obe dothin pidu Adare (Somasiri Madagedara)


ඔබගෙ දෝතින් පිදූ ආදරේ
I love you SKTM , I am SAWයළී නිමාවෙන්නෙපා මා කෙරේ
සසර වසනා තුරා හිඳීමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ...

එකහිත් බිඳේවි ඇසුරින් මිදේවි
ලෝකෙන් නැගෙයි චෝදනා
ඉවසන්න වේවි සැනසුම් ලැබේවි
ආයෙත් නොඑයි වේදනා...

කඳූලක් වැටේවි සුසුමක් නැගේවි
දෑතින් වසා ආදරේ
නොසැලෙන් දයාවි අහිතක් නොවේවි
මා නම් සදා ආදරේ...

ආදරණීය නේරංජනා - Adaraniya Neranjana (Priya Sooriyasena)


ආදරණීය නේරංජනා...////
මම ඔයාට ගොඩක් ආදරෙයි බබි.

ඔබෙ මුදු මඳහස් රැලි මාලාවේ
වෙලී බැඳුන දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමුවූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනිවූයේ
මටමම පුදුමයි අදහන්නට බෑ
මමම නොවේ යළි ඉන් පිටවූයේ


කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු හිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැටුනා


නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුණා


ආදරණීය....
ආදරණීය නේරංජනා...////


ඔබෙ මුදු මඳහස් රැලි මාලාවේ
වෙලී බැඳුන දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමුවූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනිවූයේ
මටමම පුදුමයි අදහන්නට බෑ
මමම නොවේ යළි ඉන් පිටවූයේ


කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු හිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැටුනා


නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුණා


ආදරණීය....

සුසුමට කන් දී - Susumata kandi (Damith Asanka)


I love you sooo much babiසුසුමට කන් දී අහන්න වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ හොරෙන්ම පපුවේ

දාහක් ගතු නොකීවාට කතාකරන ඇස්දෙක ඇති
දාහක් ගතු නොකීවාට කතාකරන ඇස්දෙක ඇති
එක හුස්මට නුඹ කියවමි අකුරක් නෑර
මගේ හිත ගාව

සුසුමට කන් දී ...

තාමත් සිත නොසොල්වාම හසරැල්ලෙන් ගොතයි හීන
තාමත් සිත නොසොල්වාම හසරැල්ලෙන් ගොතයි හීන
හිත හයියයි මට වැඩියෙන් සැක නෑ ඒක
හිත හැමදාම

සුසුමට කන් දී ...

ආරාධනා - Aradana (W.D.Amaradewa)


මම ඔයාට ගොඩාක් ආදරෙයි , බබි
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙඅන් යළි වඩින්න..
ආරාධනා...

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
ආරාධනා

එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා...



රොන් සුවඳ දෙන - Ron suwada dena ( Shihan / Uresha)


Shihan mihiranga sinhala song lyrics

පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත
මත් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි
ආදරේ එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොඳුරුද මිහිරේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදේ උස් පැතුමකට
හිරිමල් සිතිවිලි කළතා
රත්තරනේ ඔබ සිත තුල රහසේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
නිකැලැල් පැතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ.

අහසට සොදුරු - Ahasata soduruda ( Nelu Adikari)


I love you Thilini Malka
අහසට සොදුරු ද සද කෙතරම්
ගසකට සොදුරු ද මල කෙතරම්
සයුරට සොදුරු ද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙමබරකම් සගවා
යන එන මග ඉගි බිගි කරමින්
හොද නෑ කරනා ඔය දගකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා

සඳ පිණි දිය - Sada pini diya (Radeesha Vandabona


සඳ පිණි දිය ගලා හැලෙන පාළු හිතෙන හැන්දෑවක
Thilini Malka , Galleහෙමින් හෙමින් මටත් හොරෙන් නුඹව හිතට දැනුනා
සිහින ගෙනෙන රාත්‍රියක සන්සුන් නැති හිතට එබෙන
නුපුරුදු සිහිනයක් වගේ නුඹව හිතට දැනුනා
 නුඹව හිතට දැනුනා..

කඳුලු කතා අමතක වී පෙම්වත් වු සිතුවිලි ලඟ
ලියවෙන හැම කවි පදයම නුඹේ නමට පිදුනා
සසරේ මං හැමදාකම නුඹේ ලඟට වී
නුඹේ ලඟට වී..

ලෙන්ගතු ඔය නෙත පාමුල පැතුමක් වී සදාකල්ම
නුඹේ නමින් මිය ඇදෙන්න මගේ හිතට හිතුනා
සසරේ මං හැමදාකම නුඹේ ලඟට වී
නුඹේ ලඟට වී..

සඳ පිණි දිය ගලා ...

නුඹේ පෙම් - Nube pem (Sangeeth Wijesooriya)


Supun ayeshmantha Thilini malkaනුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
වැටකඩළු සීමා මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ නිදහසේ
නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ

ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී ඈ ඉන්නවානම් ළඟ හොඳයි
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී ඈ දකිනවානම් හරි අගෙයි
ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑනේ //
ලැබුනෙ නෑ අවසරේ ඔබ ලගින්  නෑ මගේ

නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ

සති අන්තයේදී සිනමාහලේදී හමුවන්න ඇත්නම් මා ප්‍රියේ
ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ පෙම් ගී ගයන්නම් ආදරෙන්
හෝ හෝ කෝ නෑ නේ අනේ තවත් නෑනේ
එත් කෝ නෑ නේ අනේ තවත් නෑනේ
ආවෙ නෑ ඈ අනේ තනිව මා මගෙ ලොවේ

නුඹේ පෙම්...

දිවුරාල පවසන්න - Diwrala pawasanna (Centrigratz)


Centrigrates sinhala song lyrics


දිවුරාල පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙනතා කල්
ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
ඔබ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා

හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

ඇස් දෙක පියාන - As deka piyana (Rookantha Gunathilaka)


ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
I love you thilini malkaබෑ බෑ මට නිදාගන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ

සිත එක්තැන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට
මටත් නිදන්නට ඕනෙම නෑ

රහසක් කියන්න තියෙනවා ඔයාගෙ
කන්පෙති මත මගෙ දෙතොල් තියා
ඔබ ඈතින් සිටියොත් කියන්න බෑ මට
අනිත් අයට එය ඇසෙන නිසා
අනේ රත්තරන්....
හිතට වද නොදී...
තුරුළු වෙන්න ආදරෙයි කියා
මට කියන්න දේවල් හුඟක් තියෙනවා
තුරුළු කරන් ආදරෙයි කියා

ඇස් දෙක පියාන...

වසත් කාලය - Wasath kalaya (Dayan Vitharana)


dayan vithara sinhala song lyrics


වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්

නෙළනු බැරි මල් ඇයි මේ සොඳුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතූ මලේ රූසිරු
මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පෙපෙන්නට විය දෑතක නුහුරූ
ආදරේ සොඳුරු මට නොවෙද පසමිතුරු

නෙළු මලක් වුව මල් ලොව කවුරු
දුරින් ඉඳ මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු
කඳුළ මගෙ ළඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ
අහිමි දුක වළකම් කොයි අයුරු
දුරින් හිඳ නුදුරු
නිවනු මැන ගිනි පුපුරු

දඟකාර හැඩකාර - Dagakara hadakara


bhathiya and santhush sinhala song lyrics


දඟකාර හැඩකාර
ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ
කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා
මගේ සිත උමතු කලා
කියා ඔබ දන්නවා..//

ඔබ මලක් වෙලා සොදුරු..
මගෙ පපුව පුරා පිරුණු
නිමාවක් නැති ආදරේ
කවුරුවත් දන්නෙ නෑ
අපෙ දිවි තිබෙන තුරා
ඔබ මට ලැබුනා කියා

සිරි මැඳුර පුරා පිරුණු
දෙව් දුවක් වෙලා තුරුණු
නිමාවක් නැති ජීවිතේ
කවුරුවත් දන්නෙ නෑ
සසරින් සසර සරා
ඔබ මට ලැබුනා කියා

දඟකාර හැඩකාර ...///

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X