නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සුදු පාට ගවුමේ - Sudu pata gaume ( Vijitha De Silva)


supun ayeshmantha thilini malkaසුදු පාට ගවුමේ ආදරය බැදුනේ
නුඹ ලස්සනයි නංගියේ
ඔය නීල දෑසේ මා දෑස බැදුනේ
හුරතල් නිසයි පැංචියේ
දෙන්න මට ආදරේ දෙන්න
මගෙ ජීවිතේ
නුබ මගෙ තමයි පැංචියේ
මා ආදරයෙයි නංගියේ ..

කිසි දිනක මා සිතේ නැවතුන නැති
නුඹම පමණක් ඇවිත් නැවතුන හැටි
ආදරය මා සිතේ දලුලන හැටි
නුඹට මා ජිවිතෙත් පුදමි සිතේ
සිත නුඹගෙ ළගමයි නවතන්න බෑ මයි
මා අසරණයි පැංචියේ
ආදරය පුදුමයි මටනම් නොතේරෙයි
මා ආදරයෙයි නංගියේ ..

සුදුම සුදු පාටින් නුඹ එන හැටි
හුරතලය පෙන්නා හිනහෙන ගති
මුලු සසර නුඹ පතා එනවයි සිති
හැමදාම මා සිත හඩවන හැටි
හැගුමන් බොහොමයි සිත ඇතුළෙ තෙරෙපෙයි
පවසන්න බෑ නංගියේ
ජිවිතය පුදුමයි නුඹහටම බාරයි
මා ආදරෙයි නංගියේ ..

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X