
සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන්...//
ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරු
ගෙවුනු යෞවන විය තනි නොතනියේ උන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැදලා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු
දිනෙක රන් සළු...
වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා
පවස සන්සිදවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිලිහෙනතුරු සියොලග කලු සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා
දිනෙක රන් සළු...
No comments:
Post a Comment