නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

Merry Christmas baby - Yohani



 I break down
Every year
When this time comes around
I already know
How it looks like
In town

Merry Christmas baby
You don't come home
Merry Christmas darling
Watch me
From above

I turned down
A date
Oh dear
I wish some snow
Could heal my sorrow
Unsteady this month
My heart And it prays for a smile

Merry Christmas baby
You don't come home
Merry Christmas darling
Watch me
From above

සීතලෙන් මිදිලා කඳුලේ
සිහිනයේ නුඹ මැවේ
ආදරෙයි තාමත් සොඳුරේ
නැතත් මා අසලේ

Merry Christmas baby
You don't come home
Merry Christmas darling
Watch me
From above"

ලිය ලියා දුන් ආදරේ - liya liya dun adare (Dilki Uresha)


ලිය ලියා දුන් ආදරේ - liya liya dun adare

 "පාරාලා පාවීලා ගිය හීනේ

හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ
සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
හැමදේම දුන්නා මං ඔයාට කැමැති කැමැති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නේ අපි පටං ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන උනේ ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
කවදාවත් නෑ කඳුලින් නෙත් තෙමෙන්න දෙන්නේ
හැමදේම වෙලා දැන් මං කිව්ව නෑ වෙන්න දෙන්නේ
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නැ නිවෙන්නේ
තේරෙන්නෑ මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ
ඔය මූණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දී ඒකයි රිදෙන්නේ

ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා //

ඔව් මට තව පාරක් හිතන්න තිබුනා
මම ගත්ත තීරණය වැරදී නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුනා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් මිදුන
සමාවෙන්න මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමි හෙමින් මරනවා වගේ පාලුව මාව
ගලයි වරදකාරි සිතුවිලි කඳුලු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරැ වලාවක්
ඔයාගෙයි මගෙයි ආදරේත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්

පාරාලා පාවීලා ගිය හීනේ
හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ
සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
"

අන්සතු ඔබ වෙත - ansathu oba (Thisara)


අන්සතු ඔබ වෙත - ansathu oba

"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී"



ලග ලගටම ඇවිත් ඔයා - langa langatama awith oya (Thiwanka Dilshan)



ලග ලගටම ඇවිත් ඔයා - langa langatama awith oya

"කෙල්ලෙ මම හදේ ..
දුර ඇදේ ඔය දෑස සොයා .. 
හැන්දෑ කලුවරේ දිලිසුනේ..
ඒ ඔබේ සිනා..

ඉද මට නුඹේ පැටලුනේ.. 
මේ හැගුම් සරා.. 
ඉන්න ඉඩ තියෙ මගේ හදේ.. 
ඔබේ නමින් ලියා..
 
ලග ලගටම ඇවිත් ඔයා.. 
තියන්න හිත අවුස්සලා.. 
හිනැහෙන කොට ආසවෙලා.. 
මගෙ හිත මටම හොරා..//

මන්තරේ වගෙ දිව අග.. 
මිමිනෙන වචනය නමම තමා.. 
යන්තම් පොඩි එක මොහොතක.. 
හමුවෙමු අඩමතින් නුරා..
පෙම් කවි මල් මල් මාලා අරගෙන.. 
ගෙලෙහි දමා.. 
ලංකර ගස්සාපං උකුල උකුල මහද සලා..   
මල් ගවුම පාට පාට.. 
තිනගෙ මං දැක්කා මූණේ පිංපාට.. 
පස්සෙන්ම ගාට ගාට.. 
හොරා වගෙ සුදු එන්න මං රෑට රෑට.. 

පිස්සුවක් මේක විනාසකාරී මම..
ලිස්සුවා දුවද්දි ප්‍රේම පාරේ.. 
හරි ලස්සන ගැණූ ළමයෝ..
අරගන්නයි ඕනේ බාරේ කර කර..  
කප්පරයකට දෙන්නම් මං ආලේ.. 
ආයේ එක්කරගෙන යන්නං හදේ යන පාරේ.. 
සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ.. 
තත්පරයක් පාහේ ආදරයක් වාගේ..

ලග ලගටම ඇවිත් ඔයා.. 
තියන්න හිත අවුස්සලා.. 
හිනැහෙන කොට ආසවෙලා.. 
මගෙ හිත මටම හොරා..

කෙල්ලෙ මම හදේ ..
දුර ඇදේ ඔය දෑස සොයා .. 
හැන්දෑ කලුවරේ දිලිසුනේ..
ඒ ඔබේ සිනා..

ඉද මට නුඹේ පැටලුනේ.. 
මේ හැගුම් සරා.. 
ඉන්න ඉඩ තියෙ මගේ හදේ.. 
ඔබේ නමින් ලියා..

ලග ලගටම ඇවිත් ඔයා.. 
තියන්න හිත අවුස්සලා.. 
හිනැහෙන කොට ආසවෙලා.. 
මගෙ හිත මටම හොරා..//"

ජොලි ජලජේ - jolly jalage (Bimal Jayakody)


 

ජොලි ජලජේ - jolly jalage ugura ugura (Bimal Jayakody)

"ජොලි ජලජේ - ජොලි ජලජේ //

උගුර උගුර කෙකර කෙකර නොබොමු අපි...
ගුඩු ගුඩු ගා එක හුස්මක් ඊට ඇති...
දිව පැටලෙන ඇස් රතුවෙන මුකුත් නැති...
ඕන තරම් එළිවෙන තුරු අපිට හැකි...

රැල්ලෙ එතිලා වැල්ලෙ පෙරළි පෙරළි නටයි බෙල්ලෝ 
රැල්ල එක්ක හැප්පි හැප්පි දැල් ම අදින ගොල්ලෝ 
පිලී ගඳ නසන්න අඩුම කුඩුම දාපු මාලෝ
රසට රසයි ජීවිතයම...
අපි තමයි වැල්ලේ කොල්ලෝ 

කැලති කැලති නොමැරි මැරෙන රැල්ලෙ රඟේ 
බිබිලි නැගෙන ගිනි අව්වෙම කල්ල මරේ 
ඕන විසක් නසන මුහුදු වතුර වගේ 
අපි ඔට්ටුයි ඕන දෙයක් පදිරි නොවේ 

[ජොලි ජලජේ - ජොලි ජලජේ]//

දඟල දඟල නැටුවට කකුළුවා හොද්දේ 
වෙලාවටයි අපේ ගේම නැත මැද්දේ
නිලා පත්තු වෙනකොට තිබුණද සද්දේ 
සිරික්කියම දාපං ඒකයි යුද්දේ

උගුර උගුර කෙකර කෙකර නොබොමු අපි...
ගුඩු ගුඩු ගා එක හුස්මක් ඊට ඇති...
දිව පැටලෙන ඇස් රතුවෙන මුකුත් නැති...
ඕන තරම් එළිවෙන තුරු අපිට හැකි...

[ජොලි ජලජේ - ජොලි ජලජේ]////"


නෑසුනා - nasuna (Dinesh Gamage)


 

නෑසුනා  - nasuna (Dinesh Gamage)

"රුව නෙතග ගැටුණු දා
දැනුණු හැඟුම හද පුරා
ඔය නිතඹ දෙස බලා
සිහිය අතරමග තියා

දුර දුරක මම ගියා
නොදැනි ලොව නතර වෙලා
මුදු සිහිනයකි නුරා
හිඳිමි නුඹේ ළඟ මෙමා

ඒයි, නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

ඒයි, ඒයි, මා හිත ගත්ත ඒ සුරංගනාවී
දකින්න යලි දෙනුවන් හඬාවී
මනස පුරා ඒ රුව ගලාවී
හීනෙන් දුන් ආදරේ සුව පතාවී

එන්න පමාවීවත් වෙන්න මනාලී
ආදරේ අමෘතේ මත් වෙමු මා නාරී
ආයෙත් හීන ගානේ නෑවිත් safari
දැවටී නැවතී ඉන්න මං ගාවින්ම

ආදරේ වැඩි වෙලා තව
කවදාවත් නෑ ඇති වෙලා
මාව කුනාටුවකට මැදි වෙලා
වගෙයි මගේ පාලනේ නැති වෙලා (woah)

ඔයාගේ දාංගලේ දැක්ක දා
ඉඳන් මන් රාගයේ පැටලිලා
ඔය උන්මාදයෙන් කැලඹිලා
කොහොමද ඉන්නෙ කාමයෙන් වැලකිලා (baby)
Smoka, smoka, smoka, smoka

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

ඒයි, නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා"

දවසක් ඒවි - dawasak evi (Piyath Rajapaksha)


 

දවසක් ඒවි - dawasak evi (Piyath Rajapaksha)

"සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්
මා ගාවින් රැදී
නුඹ හිටියද හැම සංසාරෙම
මේ වාගේ මගේ ලගටම වී
නුඹ හින්දා මං
ගැයූ පෙම් වදන්
දෝරේ ගලා ගියා
නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

ජීවිතයේ තැන් තිබුනා
අපිටම අපිවම නැති වුන
ඒ ගැන මං හිතනා විට
කදුලක් උනනවා මට නොදැනිම
ඔබ හින්දා මං ගැ‍යූ පෙම් වදන්
දොහොරේ ගලා ගියා
නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්
මා ගාවින් රැදී
නුඹ හිටියද හැම සංසාරෙම
මේ වාගේ මගේ ලගටම වී

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති"

මැනිකේ මගේ හිතේ - manike mage hithe (Yohani)


 

Yohani , Manike mage hithe,

"මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී 

මා හිත ළඟම දැවටෙනා 
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා 
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ

ඉතිං එපා මටනං වංගු 
ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු 
මැණිකේ වෙන්නෙපා තව සුනංගු

ගමේ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹේ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගේ හිතත් නැහැ මටම මෙල්ල

කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු
වෙනවද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්න විදියට ගැස්සූ

ඔයා දුන්න ඉඟියට මත් වූ
බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස් වූ
රොත්තෙන් හිත අරගත්තු බඹරා

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
හුරු පෙමක පැටලෙනා
හුරු පෙමක පැටලෙනා"


කොහෝ මල් වාරම් - koho mal waram (H.R.Jothipala/Sujatha Aththanayake)


කොහෝ මල් වාරම් - koho mal waram (H.R.Jothipala/Sujatha Aththanayake)


 කොහෝ මල් වාරම්කො හෝ මල් වාරම්
ගයනා උදේ මැණිකේ බලන්
අපේ ගමේ
අපේ ගමේ රබන් වැයෙන්නා
ගමේ ඔන්චිල්ලා බැදෙනා දිනේ
ආවා වගේ
ගමින් ගමේ

සිංහල අවුරුද්ද ලබන්නා
කොහෝ මල් වාරම් ගයනා උදේ
මැණිකේ බලන්
අපේ ගමේ
අපේ ගමේ රබන් වැයෙන්නා
රන් රඹුටන් ගස් යායේ

වලි කුකුලෝ ඉන්නා
රතු කුකුලෝ ඉන්නා

රන් රඹුටන් ගස් යායේ
වලි කුකුලෝ ඉන්නා
රතු කුකුලෝ ඉන්නා
උන්ට කන්න බත් දුන්නේ
ඉස්සර අපි දෙන්නා
එක්වීලා දෙන්නා
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා.

කොහෝ මල් වාරම්ගයනා උදේ..

සිංහල අවුරුද්ද ලබන්නා
දම් පාටින් කජු පුහුලන්
බරවී නැමිලා පැහිලා නැමිලා

දම් පාටින් කජු පුහුලන්
බරවී නැමිලා පැහිලා නැමිලා
අවුරුද්දේ ගම්මානේ
නාරං ඉදිලා පාටින් ඉදිලා
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා.

ගමේ ඔන්චිල්ලා බැදෙනා දිනේ
ආවා වගේ
ගමින් ගමේ
සිංහල අවුරුද්ද ලබන්නා

කොහෝ මල් වාරම් ගයනා උදේ
මැණිකේ බලන්
අපේ ගමේ
අපේ ගමේ රබන් වැයෙන්නා
 
රන් රඹුටන් ගස් යායේ

වලි කුකුලෝ ඉන්නා
රතු කුකුලෝ ඉන්නා

රන් රඹුටන් ගස් යායේ
වලි කුකුලෝ ඉන්නා
රතු කුකුලෝ ඉන්නා
උන්ට කන්න බත් දුන්නේ
ඉස්සර අපි දෙන්නා
එක්වීලා දෙන්නා
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා.

කොහෝ මල් වාරම් ගයනා උදේ
මැණිකේ බලන්
අපේ ගමේ

අපේ ගමේ රබන් වැයෙන්නා
ගමේ ඔන්චිල්ලා බැදෙනා දිනේ
ආවා වගේ
ගමින් ගමේ

සිංහල අවුරුද්ද ලබන්නා
කොහෝ මල් වාරම් ගයනා උදේ
මැණිකේ බලන්
අපේ ගමේ

අපේ ගමේ රබන් වැයෙන්නා

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා - awilla awilla sinhala avurudda awilla (Latha Walpola/Mohideen beg)


ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා - awilla awilla sinhala avurudda awilla (Latha Walpola/Mohideen beg)

 
ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

කොවුලා බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහනව

කොවුලා බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහනව
ලේනා ගසයි කයිතාලම අවිච්චියා එහි නටනව

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

කැවුම් කොකිස් මුං අළුවා කිරිබත්වල රස බැලුවා

කැවුම් කොකිස් මුං අළුවා කිරිබත්වල රස බැලුවා
ගමේ ළඳුන් කොමල පපා උදේ රබානක් පැලුවා

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

අබුන් කටයි සුබ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි

අබුන් කටයි සුබ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි
ලැබූ අලුත් අවුරුද්දේ කිරි ඉතිරෙයි අපට සෙතයි

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

ආ ආ ආ ආ.... අඅඅ අඅඅ ආඅආ..... /////.

එරබදු මල් පිපිලා - erabadu mal pipila (Nelu Adikari / Rajiv Sebasthiyan)


එරබදු මල් පිපිලා - erabadu mal pipila (Nelu Adikar / Rajiv Sebasthiyan)


 එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල් වාරම් නැඟ රන් ඔන්චිල්ලේ

සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල් වාරම් නැඟ රන් ඔන්චිල්ලේ

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

කොහෝ කොහෝ - koho koho (Sanath Nandasiri)


කොහෝ කොහෝ - koho koho (Sanath Nandasiri)


 කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුබට ඇහෙනවදෝ...
කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහො කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුබට ඇහෙනවදෝ...

කජු නාඹර රස මීඅබ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මීවද පැනි පිරිලා...
කජු නාඹර රස මීඅබ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මීවද පැණි පිරිලා...

කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහෝ කියනවදෝ
බක් මාසේ මගුල් නැකත්
මටත් කියනාදෝ...
කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහො කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුබට ඇහෙනවදෝ...

මා දන්නේ ආදරේ ගැන විතරයි - ma danne adare gana vitharai (Gayan Gunawardana)


මා දන්නේ ආදරේ ගැන විතරයි - ma danne adare gana vitharai (Gayan Gunawardana)


"මා දන්නේ ආදරේ ගැන විතරයි
එය කියලා දුන්නේ ඔබම තමයි
මා දන්නේ ආදරේ ගැන විතරයි
එය කියලා දුන්නේ ඔබම තමයි

ඔබ නැතිවම කොහොමද මා ඉන්නෙ
ඔබ නැතිවම කොහොමද මා ඉන්නෙ
හද සැනසුම ඇත්තෙ ඔබ ළගමයි

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්

උරහිසට මගේ ඇලවී ඉන්න
දිවුරා මගෙ බව මට පවසන්න
සසරේ ගමනට අත්වැල වෙන්න
කැන්දන් යන්නට දිනයක් දෙන්න

මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ
ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්

තනිකම මකනා කවියක් වෙන්න
මගෙ හිත නිවනා බිරිදක් වෙන්න
සසරෙ ගමනට අත්වැල වෙන්න
කැන්දන් යන්නට දිනයක් දෙන්න

මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ
ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්"

 

නාදුනන ලෙස පවසන්න - nadunana lesa pawasanna (Romesh Sugathapala)


 

නාදුනන ලෙස පවසන්න - nadunana lesa pawasanna (Romesh Sugathapala)

"නාදුනන ලෙස මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

සීතල පවනැල්ලක් වීලා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා
පැන් කිනිතෙන් දෝවාලා

අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිඟු සේනා
වශියෙන් එයි පේවෙලා

දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න"


ඔබ ගැන මතකේ - oba gana mathake ( Prageeth Perera)


 

ඔබ ගැන මතකේ - oba gana mathake ( Prageeth Perera)

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්
ආයෙත් ඉපදෙන්නම්
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්
ආයෙත් ඉපදෙන්නම්
හරි අහම්බෙන් වගේ හමුවුනේ
දඟ කරනා ඇස් දෙක මට ඔබේ
හිත වසඟ කලා පෙම් හීනයේ
හැඩකාරියේ...
හද නොසන්සුන් කලා රුව ඔබේ
හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ
සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ
හිමිකාරියේ...
සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්...
ආයෙත් ඉපදෙන්නම්...
මගෙ පාළු
ජීවිතේ සොයා මේ යාලූ
ආදරෙයි කියා රැදුණාලු
හදවතේ ඔයා කඳුළැල් නිවා
ඔබ ඉල්ලු ආදරේ ලියා දෙනවා ලු
වැඩියෙනුත් තියා ආසයි ලු
ඔබ මගේ කියා පිළිගන්න මා
සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්
ආයෙත් ඉපදෙන්නම්

නුරාවී දෑස ගස්සා - nurawee dasa gassa (Sandeepa Jayalath)


 

නුරාවී දෑස ගස්සා - nurawee dasa gassa (Sandeepa Jayalath)

"රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

කොපුලේ පුරා සිතු සේ සරා
කෙහෙරැල්ල සුළැඟිල්ලේ
සෙල්ලම් කලා
ළමැදේ පවා සුවසේ නිදා
නළරැල්ල ඔච්චම් කලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

රූ තෝරනා නෙතේ…"


මතක තියාගන්න - mathaka thiyaganna (Sandeepa)


මතක තියාගන්න - mathaka thiyaganna (Sandeepa)


ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න
දැන් සතුටින් යන්න
හුස්ම කෑ ගසයි හදේ නවතින්න
කාටත් නොපෙනෙන්න
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

ඔය මුවේ සිනහවයි
හදවතින් හැමදා පැතුවේම
තරහ නෑ මගෙ නෙතින්
කඳුලු ගත්තට හැම මොහොතේම
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

ආදරේට තරහ වෙලා - adareta tharaha wela (Nelso Vas)


ආදරේට තරහ වෙලා - adareta tharaha wela (Nelso Vas)


ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා..
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා...
අද එනවද? හෙට එනවද? ආයෙ ඔයා එන්නෙ නැද්ද?
හිත වද දෙයි හිතුවටත් වඩා....
එනතුරු මම ඉන්නෙ මඟ බලා....//


ආදරේට පොඩි ටොක්කක් ඇන්නට,
හිල් උනාද ලවෙ හෙඩ් එක
යාලුවො ඉදිරි පිටදි බැන්නට,
බ්‍රේක් උනාද හදවත?
තනිකම දැනෙනවා..තනියම හඩනවා...
අද හෙට නාවොත් මම මුහුදෙ පනිනවා......
තනිකම දැනෙනවා..තනියම හඩනවා...
අද හෙට නාවොත් මම මුහුදෙ පනිනවා......

ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා...

මුට්ටිය ඉදෙන කල්ලු දඹරේ,
දෙන්නෙක් අතර අපි වගේ...
ඔයා නැතුව බත් නෑ අද මුට්ටියේ,
මම කෙට්ටුලු ඉදල හාමතේ....
උයන්න දන්නෙ නෑ...කන්න බොන්න දෙයක් නෑ..
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ..
උයන්න දන්නෙ නෑ...කන්න බොන්න දෙයක් නෑ..
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ..
ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා...
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා...
අද එනවද? හෙට එනවද? ආයෙ ඔයා එන්නෙ නැද්ද?
හිත වද දෙයි හිතුවටත් වඩා....
එනතුරු මම ඉන්නෙ මඟ බලා...

ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා....

ආයෙ එන්නෙ නැද්ද අනෙ ඔයා....
මගෙ මිනියටවත් ...
එන්න මගෙ සුදා....

බිදුනාම විශ්වාසේ - bidunama viswase (Manej Sanjaya)


බිදුනාම විශ්වාසේ - bidunama viswase (Manej Sanjaya)


රිදුනාදෙන් සිහිවෙද්දී අතීතයේ මතක
සිටියාදෙන් ඔබ මනසේ
කොහේම හො තැනක
කවදාවත් නෑ ඕනේ
මට අපහු කදුල
ඔබ ආයෙත් එන්න එපා
පතා මගේ ඇසුර
හැමදේම කරගත්තා
මං පාඩමක්
වරදින්නේ රැවටෙන්නේ නෑ අයේමත්
දුක මාගේ නොපතාම
හැරදා ගියත්
මා පැතුවේ නෑ ඔබට 
කිසිදා දුකක්

පිරුනාම විශ්වාසේ නොසිතු ලෙස
හටගන්නෙ සැකයක්ම
විතරයි හිත
ඔය වචන වැකි වලට
පුරුදුයි මට
ගැලපෙන්නේ නෑ කිව්වේ
ඔබමයි මට
කවදාවත් නෑ උනේ 
මට ආපහු කදුල
ඔබ ආයෙත් එන්න එපා
පතා මගේ ඇසුර
හැමදේම කරගත්තා
මං පාඩමක්
වරදින්නේ රැවටෙන්නේ නෑ අයේමත්
දුක මාගේ නොපතාම
හැරදා ගියත්
මා පැතුවේ නෑ ඔබට 
කිසිදා දුකක්

ආදරේ හරි අරුත 
දන්නෑ ඔබ
දැන උන්නානම්
තාම ඔබ මා ලග
නෑ තරහ සුභ පතමි
හරියන්නම
මා අතැර ගිය ගමන
නොහැරෙනු මැන
කවදාවත් නෑ  ඔන
මට ආපහු කදුල

ඔබ ආයෙත් එන්න එපා
පතා මගේ ඇසුර
හැමදේම කරගත්තා
මං පාඩමක්
වරදින්නේ රැවටෙන්නේ නෑ අයේමත්
දුක මාගේ නොපතාම
හැරදා ගියත්
මා පැතුවේ නෑ ඔබට 
කිසිදා දුකක්

යං යං යං හීනෙට ඇවිදන් යං yan yan yan heeneta awidan yan (Suwahas ft Smokie)


යං යං යං හීනෙට ඇවිදන් යං yan yan yan heeneta awidan yan (Suwahas ft Smokie)

 
යං යං යං හීනෙට ඇවිදන් යං
මන්දාකිනියම පීරං

හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඔනේ
මගේ හීනේ වෙනස් අමුතුයි දකින්න ඕනේ
මගෙ කරගන්නයි මට ඔනේ මුළු ලෝකෙම
 ඔව් හීන ඇත්ත වෙන්නේ නෑ තමයි හැමෝගෙම 
ඒත් කවුරුත් නැතත්  විස්වාශයි මට මාව

නපුරු තරමටයි ලැබෙන්නේ පලදාව
එක දේ ඉන්නෙ බලං අහස දිහාව
නැති වී නොවි තියෙන්නෙයි 
අම්මගේ මුනේ හිනාව වාසනාව නෙවෙයි

හැකියාවයි අංක එක හෙලකුන ආශිර්වාද
 ඉන්නේ මම හංගගෙන
පිලිගන්න මම හද නැත තරු ගන එක
මම එන්නේ හදත් අරන් දහසක් වස්සාගෙන

යං යං යං හීනෙට //

ඒ පොඩි ලෝක සිතියම
මම මගේ හීන හොයන්නේ පීරං මන්දාකිනියම 
හැමවෙලාවෙම වෙන්නෑ ආස විදියම
යකඩේ හැඩකරන්නේ ඕන වෙන්වා ගිනියම

අපි ලබාගත්ත බොහො දෙවල් ඉබේ ලැබෙන්නෑ 
ලේසි ක්‍රමයෙන් සතුට හිතේ රැදෙන්නෑ
වේදිකාවට නැග්ගම තිරේ ඇරෙන්නෑ
මගේ හීනේ ඇත්තක් වෙනකල්ම මැරෙන්නෑ

සුභ පතනවා වගේ මට හමන හුලග
මල් වැසි මුමුනයි ජයග්‍රහනේ පුවත
හීන හොයන නැවත උත්සහය රුවල
හෙල රැප් පොතට තවත් නමක් සුවහස්

යං යං යං හීනෙට//

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ - සත්තයි මට ඔබ වාගේ - sewanalla se saththai mata oba (Dilki Uresha)


sewanalla se oba unnu kale


සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ
මට තනිකමක් දැනූනේම නෑනෙ
අද මගෙ ලගින් ඔබ නොමැති මොහොතේ
මට දැනුනෙ නම් මහ තනිකමක්නෙ 
ජීවිතේ නුබ නමින්  තනි උනා

හමුවුණු තැන් වල මතකය විතරයි අද ඇත්තේ
අපි ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ
මියගිය ප්‍රේමය හදවත පතුලෙම මාගේ
සදහටම මිහිදන් කලා

සත්තයි මට ඔබ වාගේ 
කවුරුත් නෑ මේ ලෝකේ 
උපදින බවයක් ගානේ 
ඔබගෙම වෙන්නයි ඕනේ 

සුවදක් දැනේ මට ඔබගෙ පපුවේ 
මගෙ වේදනා ඔබ දන්නෙ නෑනෙ 
මැරුනත් හදේ තියෙනා මේ සෙනෙහේ 
වෙනසක් නොවේ සංසාර ගමනේ
ජීවිතේ නුබ නමින් තනි උනා

සත්තයි මට ඔබ වාගේ 
කවුරුත් නෑ මේ ලෝකේ 
උපදින බවයක් ගානේ 
ඔබගෙම වෙන්නයි ඕනේ

මාරුතයක ඔබ පැටලී ආවද - හුස්ම ඔයා - maruthayaka ona husma oya (Sandeepa Jayalath)


maruthayaka oba patali awada

මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්

ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා
මගෙ හුස්ම නුඹයි
මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයී

ආදරයට හුස්මන් තැවරූ ඔබමයී මාගේ
ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ

ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්

ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා
මගෙ හුස්ම නුඹයි
මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයී

මිහිරාව ආවා - mihirawa awa (Sajitha Anthoney)


 
sajitha anthoney , mihirawa awa lyrics


කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා
සුළඟට සලිත ලියවැලක් ලා දලු පෑවා
විලකට නෙලඹු මලතුරේ පිණිබිඳු දෝවා
මලකට සුවඳ පොද වගේ මුවරද නාවා

මිහිරාව ආවා
මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම්සුවඳ නෑවා
මිහිරාව ආවා
මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම්සුවඳ නෑවා

ඔය තුරුලෙමයි පියබඳේ
ඔය තුරුලෙමයි පියබඳේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ

සංසාරණ්යයේ බෝම විසකටු තියේ
මේ ආරණ්යයේ ඉන්න මට පින තියේ
මිහිරාව ආවා
මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා
මිහිරාව ආවා
මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා

ඔය තුරුලෙමයි පියබඳේ
ඔය තුරුලෙමයි පියබඳේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ

හිරු…

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ - sihinayaki oba (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප හද ලංවෙලා

"

කඳුලු පිසදාලන සඟවාලන - kadulu pisadalana (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"කඳුලු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුබේ සිනා මල්
නුබේ සිනා මල්......
කඳුලු පිසදාලන සඟවාලන.......

අවර නැකත නොවේ....
තරු පීදෙන සදපායන නුබමය රාත් රී...
සතුටු කදුලු පිපේ...
මල් යායක සිත්  යාකල නුබ මගෙ දේවී...

අරුණ ගලන පැයේ...
නෙත් මානෙන් ඉගිලී යන නුබමය රාත් රී...
සිතට තනිය නොදී....
තුන් තිස් රෑ මල් යහනට වැඩපන් දේවී...

"

ඔබ ඈත සඳවී පායා - oba aatha sada (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"ඔබ ඈත සඳවී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ලඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත් බවිනි හඳ අදුරේ
සෙනෙහසේ සොදුරු බව පිරුනේ

මදු සඳ තරුවද හමුවීලා
සිටියද ඔබ මා ලංවීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිදිලා
"

උදාවෙන්න මේ රාත්‍රියේ - udawenna me rathriye (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"උදාවෙන්න මේ රාත් රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත් රියේ

උයනේ පීදී සුවඳින් නෑවී
උයනේ පීදී සුවඳින් නෑවී
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත් රියේ

දියඹේ බිහි වී වෙරළේ මියැදී
දියඹේ බිහි වී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත් රියේ

"

අශාවේ මල් වැටෙන් එබී - ashawe mal waten (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"අශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු නුඹ මගේ කළු

රෑ නිල් අහසේ නිදන සදවතී
අදින සළු මිදුලෙ එලූ
සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු

පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වෙළු නයන කළු
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු
"

හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක් - hudekala wiramayedi (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේනොවේ සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරේ කියා කියන්න ලංවෙලා ටිකක්//

මුනගැසී කියන්න බැරිව නම් ප් රියාදරේ
රෑ පුරාම නිදි වරා පැතූ පැතුම් දිගේ//
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ

හුදෙකලා විරාමයෙදි.........

රන් හුයෙන් බැදෙන්නෙ ලෝකෙ ප් රථම ප් රේමයක්
හදවතින්ම පිදුනුදාය ප් රේම තිලිනයක්//
ප් රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නේ දේව ගීතයක්

හුදෙකලා විරාමයේදි..........
"

හුදෙකලා විරාමයයි හරි නිසංසලයි - hudekala wiramayayi (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හුදෙකලා විරාමයයි හරි නිසංසලයි
පුංචි මුවැත්තියක් වගෙ ඔබ අහිංසකයි
ළය තුරුලට තුරුළු වෙවී ආදරෙ කියයි
ඒ ආදරේ ලබන්න පිනැති
පෙම්වතා මමයි

කවි මූමුණන රතු තොල් පෙති හරි හැගූම්බරයි
ඒ තොල් පෙති සිප ගන්නට
හිතට හරි බයයි.
මල් පෙති වැනි සිනිදූ දෙතොල්
රිදෙයිදො සැකයි
එහෙම උනොත් ඔබ වැලපෙයි
හිතට හරි දුකයි

හුදෙකලා විරාමයයි.....

දාස්පෙතියා මල් සුවඳ ට
හිත ඉබෙ ඇදෙයි
හිනැහෙන ඔබේ දෑස් අගට
කදුළු බිදූ ගෙනෙයි
හූරතලෙට කීව කතා
ආදරේ ගෙනෙයි
එතකොට මගෙ හුරතලීගෙ
මුව සිනා පිරෙයි.

හුදෙකලා විරාමයයි හරි නිසංසලයි...
"

හිරු විකසිත වී මියයන පොළවේ - hiru wikasitha wee (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හිරු විකසිත වී මියයන පොළවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
ලෝකය බිහිකල මවුනේ මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී

හිරු විකසිත වී...

හදමඬලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී...
"

හිමි නැති සෙනෙහේ - himi nathi senehe (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහි වීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුනා//

අතැගිලි නොගැටී
සිතින් අප එක්වී
මියෙන තුරා ලංවී හිදිමූ
නොදැනී කව්රුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන හිදිමු//

හිමි නැති සෙනෙහේ............

ඉරනම විසදී
යලි අප හමුවී
දවසක් ඒවී ඔබ මගේ වී
ඔබගේ සතුටයි මටනම් ඕනී
ඒ ටික ඇතී මියදෙන්න කලින්.......

හිමි නැති සෙනෙහේ..............

"

සෙනෙහසකට අරුතක් පුරවන්නට - senehasakata aruthak (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරලේ රළ මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුළක් සිදුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...

සෙනෙහසකට අරුතක්...//

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...

සෙනෙහසකට අරුතක්...//
"

සියඹලා මලක්‌ ඔබ දෝතේ පිපෙනකොට - siyabala malak oba dothe (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට....

පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ
මේ සිත ඔබට ආදරෙයි............

නෙතු සිඹින පුරහඳ ලස්සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
සිහිනෙන් ඇවිදින් මගේ යහනේ
ඉන්න දෙව්දුව..............
"

සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ - sada nawath kamak nathe (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ

කුස ගින්නට රස මසවුලු ලැබුනත් මොකටද
මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට
මහලු මඩම දඟ ගෙයක්  ය දඟ ගෙයි ලෑමට
එකම වරද නුඹේ පියා වයසට යාමද

පසලොස්වක පෝය දාට ගමේ විහාරෙට
හිත දුවලා වැඳලා එයි මම හැදු පිලිමෙට
මගේ පුතා මතු බුදු වෙයි එකක් කලොත් මට
නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට
"

සඳ එළිය ගලා එන රාත්‍රියයි - sada eliya gala ena (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සඳ එළිය ගලා එන රාත් රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ උනත් සමුඅරන් යා යුතුමයි

ඇඟිලි පටලා...... සිටිය කාලේ......
අපිව දුර නෑ........ කියා දැනුණේ.......
තනුව උදුරා....... සොඳුරු ගීතේ.......
දවස ඇයි මේ....... නපුරු වූයේ........

සඳ එළිය ගලා එන..................

කඳුළු පිරුණූ........ දෙනෙත ඔබගේ......
බලන්නට බෑ........ දුකයි දැනුණේ.......
අහිමි වූවා....... ප් රථම ප් රේමේ.....
කඳුල පමණී...... උරුම සෙනෙහේ.....

සඳ එළිය ගලා එන...............
"

වෙන්වෙන්න දැන් ලඟයි - wen wenna dan lagai (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"වෙන්වෙන්න දැන් ලඟයි
වෙන්වෙන්න බෑ දුකයි
අපෙ සිත් අහින්සකයි
කඳුලක් වගේ හඬයි.... //

ආදරය සඳදිලී - හිත පුරා දැල්වුනී
ඒ සඳ මිලාන වී - නෙතු කඳුළු දෙන හැටී... //

වෙනවෙන්න දැන් ලඟයි...

මල් පිපෙන තරමට - හිත සවඳ වෙයි පෙම
ඔබ නොදැක ඉන්නට - මට බහැ තනියි මට... //

වෙන්වෙන්න දැන් ලඟයි...

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ - labunath neth yuga (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"ලැබුනත් නෙත් යුග දහසක උරුමේ..
මදි මට මුලු සංසාර යුගේ..
ඔබව බලා ගන්නට අම්මේ..

ඉර හඳ පතුරන එළියට වැඩියෙන්
ඔබ මට හරි එළියයි අම්මේ..
දහසක් නෙත් මට මදි අම්මේ..
ඔබව බලා ගන්නට අම්මේ..

ලේ කිරි කරලා අම්මත් මා දුක්
පෙව්ව්ද නැත්නම් ඊට වඩා
ඉර හඳ තරු සෙනෙහසට යටත්කොට
දියකර පෙව්වද සේද වලා

දස මාසේ කුසෙහි මා දරලා
ඉසිලු බර තව ඔබට මදි
දරු සෙනෙහස මතු බුදු කරවන්නට
මවු පදවිය ඔබ ලබන ලදී
"

රෝද හතරේ මාලිගාව - roda hathare maligawa (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිලි වලාව
පිටුපස දූවිලි වලාව
කැරකෙනවා
අපි අයින් වෙලා පයින් යමු පුතේ

ඇතුළ නුවරඑළිය වගේ
පිටතින් කළු වලා නැගේ
බාගෙට සිංහල බාගෙට ඉංගිරිසිය මරණ ර ඟේ
ඉංගිරිසිය මරන රගේ

රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිලි වලාව
පිටුපස දූවිලි වලාව
කැරකෙනවා
අපි අයින් වෙලා පයින් යමු පුතේ

රන් පොට මල් දිලිසෙනවා
නා දළු සේ බැබළෙනවා
චීස් බටර්වලින් තැනූ දෙව් රූපය ඇවිඳිනවා
දෙව් රූපය ඇවිදිනවා
"

මගේ දරු පැටව් අහසට දෑත දිගු ක‍රන් - mage daru petaw (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"මගේ දරු පැටව් අහසට දෑත දිගු ක රන්...
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්...
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්...
යන්න නුබ ගියා උකසට දරු සෙනෙහෙ අරන් ...//

ඇහැල මල් පිපුන දෙවැටදි හමුවෙලා එදා..
දුන්නු බහ නිසා ඔබටත් දුක උරුම වුනා..//
අහස් යන්තරේ ගේ පැල පහු කරන් ගියා..
පුන්චි උන් හඩයි අම්මා බැස්සෙ නෑ කියා..

මගේ දරු පැටව්...................

කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි...
නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි...//
මටත් නින්ද නෑ සිත නුබ ගැනම ගතු කියයි..
හඩන සිත නිවන මල් පැනි නැතිව බැරි හැඩයි..

මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්..
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්..
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්..
යන්න නුබ ගියා උකසට දරු සෙනෙහෙ අරන්..
"

දැනෙනා තුරු මා - danena thuru ma (Dinesh Gamage)



danena thuru maa, dinesh gamage

 දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කඳුලක රස විඳිමින්

නුඹගේ පහසේ
රහසක් වුණු මාගේ
නොලියූ කවියේ
පද එකිනෙක බිඳුනේ

දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා

අපගේ වරදේ
ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා

නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත

නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්

වෙන්වී යන බව දැන…

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X