නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ - nube sithata punsada (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ

අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
මාල පොටේ මුතු අමුණා මුවග අගේ
දෙපෝ දාට අහසේ තරු රෑන වගේ
ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ

නළල් තලට මුතු තැලි පට කිමද දඟේ
අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ලැතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
සැනසිල්ලට දුරු රටකට යමුද නගේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X