නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

පලංචියේ ලී ඉරුවේ අපි එකට - palanchiye lee iruwe (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද
හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද

දොඩමළු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X