නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

දිවුරාල පවසන්න - Diwrala pawasanna (Centrigratz)


Centrigrates sinhala song lyrics


දිවුරාල පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙනතා කල්
ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
ඔබ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා

හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X