නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මියුරු පෙම් මදිරාවේ - miyuru pem madirawe (ඇන්ජලින් ගුණතිලක - anjaleen gunathilaka)


ගැ: මියුරු පෙම් මදිරාවේ...
  නුහුරු රස දැනුනාවේ... 
  තත්සරේ... රැව් දිදී...
  පුරවන්න මා දෙසවන් මිහිරේ...

පි: දෙතොල් පෙති පුබුදාලා...
  පියුම් පැහැ විහිදාලා...
  දෙනෙතෙහී... නිල්මිණී...
  ලෙලවන්න මා නලවා සොඳුරේ...

ගැ පි: මියුරු පෙම් මදිරාවේ...

ගැ: හසරැල් අමා දියේ...
  තිසරුන් තෙමී ගියේ...//

පි: රන්වන් ලතාවෙන් ඉන්න ලංවී
  සුදෙම් සුමියේ දිවා රැයේ...

ගැ: මියුරු පෙම් මදිරාවේ...
  නුහුරු රස දැනුනාවේ...
  තත්සරේ... රැව් දිදී...
  පුරවන්න මා දෙසවන් මිහිරේ...

පි: මියුරු පෙම් මදිරාවේ....

පි: කඳු හෙල් මැදින් ඇදී...
  එමි ආදරේ සොයා...//
ගැ: සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන්
  තියේ හිමවී මගේ කියා...

පි: දෙතොල් පෙති පුබුදාලා...
  පියුම් පැහැ විහිදාලා...
  දෙනෙතෙහී... නිල්මිණී...
  ලෙලවන්න මා නලවා සොඳුරේ...

ගැ: මියුරු පෙම් මදිරාවේ...
  නුහුරු රස දැනුනාවේ...
  තත්සරේ... රැව් දිදී...
  පුරවන්න මා දෙසවන් මිහිරේ...

ගැ පි: මියුරු පෙම් මදිරාවේ...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X