නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර - mahaththayo man dannawa (ශෂිකා නිසංසලා - shashika nisansala)




මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර
මහත්තයෝ මට දැනෙනවා නුඹෙ සුසුමක තෙත
ඈත් වෙලා ඉන්නට බෑ මට නුඹ මඟ හැර
හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම

ඈත් වුණාමයි දැනුනේ නුඹෙ පෙම්බර බව
කාත් කවුරුවත් නෑ අද හදන්න ඒ හිත
පිඩෙන් පිඬ අනා නුඹ මට කැවූ බතේ රස
දැනෙන්නෙ මුළු ජීවිතේම වැරදුනු හින්දද

තාත්තෙක් වගේ අර නුඹ අතගෑ  මගෙ හිස
තෝන්තුවාවෙන් පෙලෙනවා දෙවියොත් නෑ ළඟ
සැරෙන් වගේ නුඹ කී දෑ හරි මිහිරියි අද
මැරෙන්නවත් ළඟට එන්න ඉඩක් නැද්ද මට

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X