නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

දුහුල් මලෙක මල් පෙත්තක - duhul malaka mal peththaka (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය
සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද
බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර
මගේ පෙම් පණිවිඩය
හම්බ වුණාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත් වෙන්න

ඔබට කැමති වූ දවසේ
දැණුනු හැඟුමේ පාට තමයි
දේදුන්නක් වෙලා දෑස් වෙත පාත් වුණේ
ඒ සතුටේ සුසුම තමයි නළ මුදු සුවදක් වී
හිත තෙත මාත්තු කළේ
ඒ බව හැ ඟෙනවා නම් මට කියලා එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න

ඔබ නික්මන් කළ දවසේ
උනපු කඳුලේ තරම තමයි
පොද වැස්සක් වෙලා පොළවට පාත් උනේ
ඒ කඳුලේ බලයක් තමයි මහවැලි ගඟ මැද්දේ
දිය සුළියක් වූයේ
ඒ බව දැණුනා නම් මට කියලා එවන්න
ඒ ඇති මට තව දුරටත් ජීවත් වෙන්න

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X