
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුළඟක් වගේ හැර් ගියත් ලෝකෙන් මගේ
ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක්
හමු වේවා කියා ඔබට මා පතනවා..//
ජීවිතේ පරදුවට මා තියා
පෙම් කළේ ඔබ වටිනවා සිතා
තේරුණේ මම රැවටුනා කියා
කාලයක් නොදැනීම ගත වෙලා
කහටක් හිතේ...
මේ භවේ යළි සිහිවෙලා එදා
තේරුණොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුළු කඩා දමා
ආයෙමත් ඔබ එන්න මා සොයා
කහටක් හිතේ..//
No comments:
Post a Comment