නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඔබ කතාකරන කම් - Oba katha karana kal (Roshan)



ඔබ කතාකරන කම්ඔබ කතාකරන කම් බලාන උන්නා
දැන් දැන් දැන් ඔබ කතා කරයි කියලා
මගේ හිත අතගා තුරුළට වීලා
හිත ඈතට ඈතට ගෙනියනවා

වෙනසක් මට දැනුණා
කඳුලක් නෙත තෙමුවා
වරදක් වුණිද කියා
සිත මට දොස් කිව්වා
ආදරේ කිමැයි කියා
මා ඔබගෙන් හඳුනා ගත්තා

ඔබ කතාකරන කම්

හැබැහින් ඔබ දැකලා
මුව ගොළුවී යනවා
කෙලෙස කියන්නද මා
බැඳුන සෙනෙහෙ පෙරදා
ආදරේ කිමැයි කියා
මා ඔබගෙන් අඳුනා ගත්තා

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X