නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා - amme oba mathu budu (සංගීත් විජේසූරිය - sangeeth wijesuriya)



අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා..
ආයෙත් මං උපදින හන්දා..
මගෙම වෙන්න අම්මා..
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා..

යස ඉසුරට ලොභ බැද ලංවුන
අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ...
ලෙඩ දුක් කරදර මා වටක රගෙන
ඒත්මගේ අම්මා මගේ ලගම උන්නා...

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා...

මහළු මඩම් මොකටද මගෙ අම්මට
මමම සුවය දෙන්නම්...
ඔබගෙ ලඟම ඉන්නම්...
මේ භවයෙදි පැතුම් පතන්නේ
මතු භ වයේ අම්මේ...ඔබේම පුතු  වෙන්නයි..

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා..
ආයෙත් මං උපදින හන්දා..
මගෙම වෙන්න අම්මා..
මේ සස රෙදිත් ඔබයි මගෙ අම්මා
මතු සසරේදිත් ඔබයි මගෙ අම්මා...//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X