නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සුදු රල ගල් කුල මත හැපි හැපි - sudu rala gal kula (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සුදු රල ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අපි සයුරු තෙරක සිසිලස වින්ද
මතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්ද
ජීවිතයට මට අමතක නොවේ කිරින්ද

මාගම්පුර වන්දනාව කොලොම්පුරේ සිට
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක..//
අහම්බෙන් ම මම දුටුවා ලස්සන ඇස් දෙක
වාඩිවෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ
කිරින්දෙ හවසක....

සුදු රල ගල්.....

එක දවසක එක හවසක සැගවී ගිය ඔබ
ඊටපසුව හමුවුනෙ නෑ කවදාවත් මට..//
මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද
යලි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ හිත
කිරින්දෙ එනවද....

සුදු රල ගල්........

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X