නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

තාරුකා නිවා දුර ඈත තනි වෙලා - tharuka niwa dura (අජිත් බණ්ඩාර - ajith bandara)


"තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව් යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව් යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව් යාංගනා
ළං වී ඉඳින්න දිව් යාංගනා

සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව් යාංගනා
වෙන්වී නොයන්න දිව් යාංගනා

තාරුකා නිවා...

දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් ළංවෙලා
ප්රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව් යාංගනා
තුරුලේ නිදන්න දිව් යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව් යාංගනා
ළං වී ඉඳින්න දිව් යාංගනා //

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X