නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ - obata thiyena adare (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando song lyrics



ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

කල්ප ගණන් පෙරුම්පුරා සොයා ආවෙ මා
වැටෙන වැටෙන හැම කඳුළම
උරුම මට නිසා විඳිමි මම සදා

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ

හීන ඇතත් හීන් සැරේ තියාගත්තෙ මා
රිදෙන රිදෙන හැම මොහොතම
මටම හුරු නිසා ඉඳිමි නෙතු වසා

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X