නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඔබ නැතුව ඉන්න බැරි තරමට - oba nethuwa inna bari tharamata (වික්ටර් රත්නායක - victor rathnayaka)




ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම

මේ සීතල හිම ගිරි අරණේ
මට හමු වූ වනපස කුසුමේ
පෙති මත සතපා රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුණේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X