නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

නෙතු කඳුලු වලින් බොරු නොකර ඉදින් - nethu kadulu walin boru (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


නෙතු කඳුලු වලින්
බොරු නොකර ඉදින්
මගෙ පුන්චි නගේ
රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ
පෙම් බස් දෙඩුවේ
කිරි සුවද මුවින්.......//

සෙල්ලම් ගෙදරින්
සමුගත් පමණින්
කොයිබින්ද සිතේ
අනුරාග හැගුම්.......//
කෙලෙසින්ද නගේ
පෙම් පත් ලිව්වේ
මුදු සිනිඳු අතින්

නෙතු කදුලු වලින්........

පාසල් සෙවණින්
සමු ගන්න කලින්
සිත මන්ද නගේ
අදුරේ මෙතරම්........//
අවලාද හඩින්
ගම්මාන පිරෙයි
දැන් හොඳද ඉතින්

නෙතු කදුලු වලින්.........//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X