ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද
කාලය යයි අනන්තයට අප මෙහි තනි කර
ආ මග මහ දුරක් කියා නොහිතනු හිමි සඳ
මේ ටික දුර උනත් යමුද නඩා ඉකිබිඳ
දරු පැටවුන් නැති පාලුව මකා හරින්නට
හැකිද කෝම හිරි වැටෙනව හිත හරි හරියට
එහෙමම නෑ හිමි සඳුනේ හයියයි නම් හිත
අපි දෙන්නට අපිම මදැයි තනිය මකන්නට
උනන කඳුුල නෙතු මානෙන් රූටන හැම විට
මට හිතෙනවා ජීවිතයත් එහෙම වැටෙවිද
එහෙමම නැහැ හිමි සඳුනේ යා යුතුමයි දුර
වැටුණු කඳුලු වල නම් බැහැ අරුත් සොයන්නට
No comments:
Post a Comment