ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹේ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝරෙගලා
ඔය උණුහුම මට දැනුනේ දෝස නසා
රේණු සුවද අහසට බොදවී යා නම්
සීත හිමේ මල් නොපිපී පරවීයන්
කීරි ගැහෙන හිත තිස්සෙම කකියයිනම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්
ඈත වන්නියේ.....
හීන හදට තරුවක් වී නැතිවේ නම්
රෑපුරාම ඇයි ඇහැරී සැගවීයන්
පුර පෝයට මං එනතුරු ඉවසාපන්
රෑ නාඩා නිදි හීනෙට ඉඩදීපන්
ඈත වන්නියේ.......
No comments:
Post a Comment