නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

බත කා ඉවරයි බලමින් උන්නොත් - batha kaa iwarai balamin (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලෙකින් සිංහල හාලේ
ඉංග් රිසි හරකා උඩරට ඉඩමේ
පන්නන්නට සැරසෙව් රාලේ...
ගමේ ගෙදරකට සෙනෙහේ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තියෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ....

අනේ මගේ ළමයිනේ අඩනවිට
මොනවද උබලට මම දෙන්නේ
වනේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පලනවනේ...
ඇහළ මහේ සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුධ ගිනි දැල් නැගුනා....

සප්පායම් වී ජාතික ආලෙන්
කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන්
සිංහල පොළවේ කැති ගහලා..
කනිදේ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ
විටකට උතුරන තුරු හොද්දේ...

සිංහල දරුවන් උඩ විසි කරලා
අමුණයි බයිනෙත්තුවේ කිප්පේ
පුරං අප්පු කන්දට වැඩි දෙයියෙක්
මාර සෙනග මැද යම යුද්දේ...
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට හිස් තෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා
පුරං අප්පු සටනට වැදුනා...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X