නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ආදරෙයි කාටවත් නැති තරම් කියා - atharamdarei katawath nathi (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුණත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා...

දුක දන්න ඇස් දෙකේ පෙම හංගලා
රවටන්න හිතුණෙම ඇයි මගෙ තුරුළට වෙලා
මං නැතුව ඉන්නට නම් බෑ කිව්වට ඔයා
බොරු මැව්වෙ හිතකින්දෝ හුස්මට හොරා...

විඳවන්න බෑ තව නම් මගෙමයි කියා
මට ආයෙ ඔයා වගේ කවුරුත් එපා
යළි එන්න ඇහුවට ඇවිදින් ආයෙත් ඔයා
තව දෙන්න ආදරේ නෑ ඉතුරුත් වෙලා...

ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුණත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X