නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

කවුරුන්ද කවුළුව වැහුවේ - Kauruda kauluwa wahuwe ( Shashika ft Chamara)


shasika nisansala song lyrics


කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
නවතින්න අවසරයි ප්‍රේමයෙන්...

කවුරුන්ද කවුළුව වැහුවේ...//

නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
යලි එන්න හැකිනම් ඉක්මනින්..

නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා..

කවුරුන්ද කවුළුව වැහුවේ...

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X