
නුඹ ලස්සනයි නංගියේ
ඔය නීල දෑසේ මා දෑස බැදුනේ
හුරතල් නිසයි පැංචියේ
දෙන්න මට ආදරේ දෙන්න
මගෙ ජීවිතේ
නුබ මගෙ තමයි පැංචියේ
මා ආදරයෙයි නංගියේ ..
කිසි දිනක මා සිතේ නැවතුන නැති
නුඹම පමණක් ඇවිත් නැවතුන හැටි
ආදරය මා සිතේ දලුලන හැටි
නුඹට මා ජිවිතෙත් පුදමි සිතේ
සිත නුඹගෙ ළගමයි නවතන්න බෑ මයි
මා අසරණයි පැංචියේ
ආදරය පුදුමයි මටනම් නොතේරෙයි
මා ආදරයෙයි නංගියේ ..
සුදුම සුදු පාටින් නුඹ එන හැටි
හුරතලය පෙන්නා හිනහෙන ගති
මුලු සසර නුඹ පතා එනවයි සිති
හැමදාම මා සිත හඩවන හැටි
හැගුමන් බොහොමයි සිත ඇතුළෙ තෙරෙපෙයි
පවසන්න බෑ නංගියේ
ජිවිතය පුදුමයි නුඹහටම බාරයි
මා ආදරෙයි නංගියේ ..
No comments:
Post a Comment