
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවී දෝ
දිලි දිලි දිලි දෙනෙතේ නුරා කැන් දිලේ
සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ
බැඳි බැඳි බැඳි වැසෙමී සදාකල් ප‍්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාවේ
මධුලෝලී බිඟු දෑලේ පෙම් ගී රාවේ
පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ
රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ
ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ
මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ
No comments:
Post a Comment