නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

නාදුනන ලෙස පවසන්න - nadunana lesa pawasanna (Romesh Sugathapala)


 

නාදුනන ලෙස පවසන්න - nadunana lesa pawasanna (Romesh Sugathapala)

"නාදුනන ලෙස මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

සීතල පවනැල්ලක් වීලා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා
පැන් කිනිතෙන් දෝවාලා

අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිඟු සේනා
වශියෙන් එයි පේවෙලා

දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න"


2 comments:

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X