නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව - siththam karamin manase (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රැව් පිලිරැව් දේ ඇසෙන ඔබේ හඬ
යලි මගෙ සව්නත ගැටෙන තුරා
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භවය පුරා..

දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසැලෙන්නැට්ගුව් ඇතී
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවාඇතී
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භවය පුරා..

භවයෙන් භවයේ අහිමිව හිමි වන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යලි හමුවෙමුයි කියා
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භව ය පුරා..

සිත්තම් කරමින්...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X