නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

කදුපාමුල සිට දැහැනට - kadu pamula sita (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


කදුපාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද...
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කදු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු  අවර වනපෙතේ
ඔබ කී රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ...

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ

කදුපාමුල සිට...//

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X