නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සෙනෙහස සුවඳයි - senehasa suwadai (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි
සිහිනය මියයයි
ඔබ දුර ඈතයි
මතකය සමරයි
හදවත වැලපෙයි
කඳුළක් අතරින්
සුසුමක් රිදවයි...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි...

පව් කළ හින්දද
පෙර සංසාරෙක
විරහ කඳුළු මැද
තනිවී දෙතැනක...//
උරුම උනා දුක
අහිමි උනා ඔබ
එහෙත් දයාබර
හිතක් තියේ මට...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි
සිහිනය මියයයි
ඔබ දුර ඈතයි
මතකය සමරයි
හදවත වැලපෙයි
කඳුළක් අතරින්
සුසුමක් රිදවයි...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි...

සඳ දුර තනිවම
වැළපෙයි අප ගැන
පන්හිඳ නිතරම
ලිවුවා ඔබ ගැන...//
කව් ගී ලිවුවට
එහි රස විඳිනට
ඔබ නෑ මා ළඟ
ගොස් දුර ඈතක...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි
සිහිනය මියයයි
ඔබ දුර ඈතයි
මතකය සමරයි
හදවත වැලපෙයි
කඳුළක් අතරින්
සුසුමක් රිදවයි...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X