නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හඬන දොඩන හිත සනසන හිනා ඇබිත්තක් - hadana dodana hitha (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


හඬන දොඩන හිත සනසන හිනා ඇබිත්තක්
නොදී ඉන්නෙපා දුටුවම වෙලා නොසන්සුන්
මම අහිංසකයි
මටත් වඩා මගේ පැතුම් අහිංසකයි

දෙනෙත් තරු වගේ මුහුණත් පුරා හඳ වගේ් 
දෙතොල් පෙති ඔබේ සුන්දර සිත්තමක් වගේ
දිවුරලා කියමි ඉර හඳ සපත කර මෙසේ
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි

ඇවිත් ඔබ හිතේ නැවතුන දායි රන් අගේ
ගෙවෙන රැය දිගයි හරියට කල්පයක් වගේ
දිව්රලා කියමි ඉර හඳ සපත කර මෙසේ
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි

හඬන දොඩන.....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X