නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ - pera sansare pathumak do (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ
මේ සංසාරේ හමුවූයේ...
කොහිසිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ...
තනිකම මා සිත දවන වෙලේ...

සිතුවිල්ලක් වී සැරිසරනූ එපා..
හදවත ගැස්සෙයි උදේ හවා...
සෙවණැල්ලක් වී ඔබ පෙනෙනූ එපා..
නෙත නිදි නොලබයි රැයම පුරා...
නෙත නිදි නොලබයි රැයම පුරා...

පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ
මේ සංසාරේ හමුවූයේ...
කොහිසිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ...
තනිකම මා සිත දවන වෙලේ...

දේදුන්නක් සේ නෙත පිනවනවා...
වැහිබර අහසට මුවාවෙලා....
පවනැල්ලක් වී ඔබ දැවටෙනවා...
සිත් මල පෙති මත පිනි ඉසලා....
සිත් මල පෙති මත පිනි ඉසලා....

පෙර සංසාරේ පැතුමක් දෝ ඔබ
මේ සංසාරේ හමුවූයේ...
කොහිසිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ....
තනිකම මා සිත දවන වෙලේ....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X