නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

කූමුදුලියේ සඳ එලියේ නැහැවෙනා - kumuduliye sanda eliye (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


කූමුදුලියේ සඳ එලියේ නැහැවෙනා
මල් ලඳුනෙ ඔබෙ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසෙ පවසනා
ආදරෙද ඔබ මාගෙන් සඟවනා...

ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
සියුමැලියෙ මුදා හැරපු ඔබෙ වරලේ
කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ

කුමුදු ලියේ

නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ
අවිහින්සක සිත බැඳුනයි සිනහ පොදේ
පාලු අඳුර මකා දමා රන් තරුවේ
පාය එන්න හද මැදුරට ඔබ මාගේ.

කුමුදුලියේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X