නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

කිවුටිකිරා මුව තවරන - kiwutikira muwa (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


කිවුටිකිරා මුව තවරන මුවැත්තී
බෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තී
රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී
බලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී

හැන්දෑවට පෙම් බඹරු බඹයි රතු කර ගත් නුරා නෙතින්
නිල් අඳුරට හිත නලියයි තුරුලුවෙන්න සිහින අරන්
බලාගෙනයි මුවැත්තී කිවුටරියේ පාඩම් හෙම
අමතක වෙයි සිතැත්තී.....

කිවුටිකිරා මුව තවරන........

නින්දාවට අඟ හිඟකම් එයි පෑලදොරින් ගෙට ගොඩවෙයි
නිල් තරු මල් හීන රටට නුඹ ගෙන යයි රුවැත්තී
බලාගෙනයි සිඟිත්ති අකුරට යන හිත බාලෙදි
හොරා ගනි මුවැත්තී......

කිවුටිකිරා මුව තවරන.......

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X