නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ආවා සේ ඈ දුර ගියා ආරාධනා - awa se aee dura giya (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා
කඳුලේ හීතලේ සුසුමේ රඳවලා
අඳුරේ මා තබා සඳ සේ බැස ගියා
ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා

එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා
සඳට කී කථා තනිවේවී...
හැඟුම් ගොළුවෙලා... //
නුඹගේ මුදු ගී රාවේ නොව ඒ හද වීණාවේ
රුව නෑ නෙතු මානේ නුඹ නෑ නැවතිලා

කඳුලේ හීතලේ සුසුමේ රඳවලා
අදුරේ මා තබා සඳ සේ බැස ගියා
ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X