නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ආලෙන් වෙලී හිතේ තුරුළු වී - alen weli hithe (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


ආලෙන් වෙලී හිතේ තුරුළු වී
සරා සද දිගේ සුසුම් සර වැදී
නොයා හිතුමතේ බැඳි ආදරෙන්
කියා ගන්න බෑ මගේ ආදරේ

හීන අහුරු වල ගුලි වීලා
සුපෙම් නුහුරු ගති නුඹ පානා
ප් රේම අහුරු ලෙන්ගතු වීලා
සුසුම් මිතුරු වී හිත පීරා
පෙරුම් පුරා මට ළං වීලා 
හිතේ ඉන්න දගකම් පාලා

දෙතොල් හාදු වැස්ස වහීවි
අලුත් අහසෙ නුඹ පායාවී
දෙනෙත් වලින් කතා කියාවී
වදන් මියුරු කවි අමුනාවී
ඔබයි සත්සරේ වීණාවී
සෙනේ ඇහින් හිත පීණාවී

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X