නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා - atha waniiye guru gei (අබේවර්ධන බාලසූරිය - abewardana balasuriya)


ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹේ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝරෙගලා
ඔය උණුහුම මට දැනුනේ දෝස නසා

රේණු සුවද අහසට බොදවී යා නම්
සීත හිමේ මල් නොපිපී පරවීයන්
කීරි ගැහෙන හිත තිස්සෙම කකියයිනම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්

ඈත වන්නියේ.....

හීන හදට තරුවක් වී නැතිවේ නම්
රෑපුරාම ඇයි ඇහැරී සැගවීයන්
පුර පෝයට මං එනතුරු ඉවසාපන්
රෑ නාඩා නිදි හීනෙට ඉඩදීපන්

ඈත වන්නියේ.......


No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X