නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඈ නිහඬව නෙතු පියා - aa nihadawa nethu piya


ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවනේ

වසඟ වී ආමෝදයෙන්
පෙම් පාරාදීසේ
චංලයි මා
ඉන්න මා සඟවා
ඔබේ ලය මඩලේ

කණාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතුවේ සිත මා.


No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X