නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද - ithin sodura api denna (අබේවර්ධන බාලසූරිය - abewardana balasuriya)


ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද
කාලය යයි අනන්තයට අප මෙහි තනි කර
ආ මග මහ දුරක් කියා නොහිතනු හිමි සඳ
මේ ටික දුර උනත් යමුද නඩා ඉකිබිඳ

දරු පැටවුන් නැති පාලුව මකා හරින්නට
හැකිද කෝම හිරි වැටෙනව හිත හරි හරියට
එහෙමම නෑ හිමි සඳුනේ හයියයි නම් හිත
අපි දෙන්නට අපිම මදැයි තනිය මකන්නට

උනන කඳුුල නෙතු මානෙන් රූටන හැම විට
මට හිතෙනවා ජීවිතයත් එහෙම වැටෙවිද
එහෙමම නැහැ හිමි සඳුනේ යා යුතුමයි දුර
වැටුණු කඳුලු වල නම් බැහැ අරුත් සොයන්නට

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X