නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

අමාවකට අත වනනා පිච්ච මලී - amawakata atha wanana (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


අමාවකට අත වනනා පිච්ච මලී
ලමැද නුබේ කිරි පුසුබෙන් සිත කැළඹී
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
පිච්ච පතට පැණි ඉහුනද සංකාවේ....//

ලමැද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමනල් හිනාවට
දෑත දිගු කරන්නට බෑ නුබෙ ලොවට
වරද මගෙන් සගවාදෙනු ලෝකයට

අමාවකට අත වනනා පිච්ච මලී....

අවිහිංසක සිතිවිලි සිත බැන්දාට
එකට කූඩු වෙන්නට බැරි පෙර පවට
ඉතින් සාප කරමින් මගෙ ඉක්මන් කමට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට

අමාවකට අත වනනා පිච්චමලී....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X