නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

වස්සානයට අත වනලා - Wassanayata (Umariya)


වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී...//

හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී
ඔබේ ඈස් අස්සේ මං මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන් ....

වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හෑන්ගෙමුද උනුහුමට වී
සමනල පස්සේ දුව පෑනපු කාලේ
දෑන් මට දෙන්න නුබ මගෙම වී
ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
මං ආවොත් ද නුබ මට හිමි

වස්සානයට අත වනලා ඉමු මග බලන් ...//

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X