සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ
මට තනිකමක් දැනූනේම නෑනෙ
අද මගෙ ලගින් ඔබ නොමැති මොහොතේ
මට දැනුනෙ නම් මහ තනිකමක්නෙ
ජීවිතේ නුබ නමින් තනි උනා
හමුවුණු තැන් වල මතකය විතරයි අද ඇත්තේ
අපි ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ
මියගිය ප්‍රේමය හදවත පතුලෙම මාගේ
සදහටම මිහිදන් කලා
සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින බවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ
සුවදක් දැනේ මට ඔබගෙ පපුවේ
මගෙ වේදනා ඔබ දන්නෙ නෑනෙ
මැරුනත් හදේ තියෙනා මේ සෙනෙහේ
වෙනසක් නොවේ සංසාර ගමනේ
ජීවිතේ නුබ නමින් තනි උනා
සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින බවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ
No comments:
Post a Comment