නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සෙල්ලම්ගේ පාළුවෙලා - sellam ge paluwela (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


සෙල්ලම්ගේ පාළුවෙලා
බෝනික්කා තරහා වෙලා
කෝම්පිට්ටු මාළිගාව කැඩිල ගිහිල්ලා
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ

චණ්ඩිකමට රණ්ඩු කරලා අම්ම එක්ක තරහාවෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගෙ ගෙදර ගිහිල්ලා

බිංකුන්ඩෝ බිම නටවලා වැලි සෙල්ලම් බතක් උයපු
හඳ මාම රන් තැටියට කිරියි පැණියි ගෙනත් කවපු
අතුරු මිතුරු දඹදිව තුරු කිව්ව පුතා මං
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X