නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මගේ දරු පැටව් අහසට දෑත දිගු ක‍රන් - mage daru petaw (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"මගේ දරු පැටව් අහසට දෑත දිගු ක රන්...
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්...
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්...
යන්න නුබ ගියා උකසට දරු සෙනෙහෙ අරන් ...//

ඇහැල මල් පිපුන දෙවැටදි හමුවෙලා එදා..
දුන්නු බහ නිසා ඔබටත් දුක උරුම වුනා..//
අහස් යන්තරේ ගේ පැල පහු කරන් ගියා..
පුන්චි උන් හඩයි අම්මා බැස්සෙ නෑ කියා..

මගේ දරු පැටව්...................

කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි...
නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි...//
මටත් නින්ද නෑ සිත නුබ ගැනම ගතු කියයි..
හඩන සිත නිවන මල් පැනි නැතිව බැරි හැඩයි..

මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්..
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්..
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්..
යන්න නුබ ගියා උකසට දරු සෙනෙහෙ අරන්..
"

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X