නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර - irabatu tharuwata igi bigi (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර
සල් මල් ලන්දට සඳ පායනවා
ඇසිපිය නොවැටෙන නෙත් යුග දැකදැක
සුදු සඳ රැස්වන් කතා වියනවා

සල් සල් සල් මල් ලන්දක මනකම්
ඇයි මෙතරම් සිත බැඳුනේ
මල් මල් තරු මල් අහුරක සැඟවී
සඳ කිදුරා නිදියන්නේ

කතරේ පින් බිම සොයමින් යනදා
නොසැලෙන චන්දා සවියේ
මිරිගුව දැක දැක දිය බිදු පතරින්
නාඩන් කින්නරාවියේ

තනිවුනු බිලිදුගෙ සිහිනය සැතපී
කිරිකඳුලක් වෙන්නම්
සරතැස නිවනා පවනක් විලසින්
යන මග සෙවනක් වී ඉන්නම්

පෙමක මිහිරි සුව කීවත් උඩුසිත
අරමුණ ඈතක බැඳුනා
යසෝදරාවකි නුඹ මට ලඳුනේ
සසර පුරා ළඟ හිඳිනා

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X