වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්
නෙළනු බැරි මල් ඇයි මේ සොඳුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතූ මලේ රූසිරු
මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පෙපෙන්නට විය දෑතක නුහුරූ
ආදරේ සොඳුරු මට නොවෙද පසමිතුරු
නෙළු මලක් වුව මල් ලොව කවුරු
දුරින් ඉඳ මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු
කඳුළ මගෙ ළඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ
අහිමි දුක වළකම් කොයි අයුරු
දුරින් හිඳ නුදුරු
නිවනු මැන ගිනි පුපුරු
No comments:
Post a Comment