
තොල්පෙති නලලත තබා
නික්මුණු දා හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන් යමේ
සුහදිනියේ
මින් පෙරදි අපි මේ භවේ වෙන්වී යන්නට ඇතී
මේ කදුලු ගංගා ඉමේ කොතැනක හෝ
මගේ ජීවිතේ ඉකිබිදියි
ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි
ඔබ පපුතුරේ මා හිදියි
මගෙ පපුතුරේ නුඹ හිදියි
ලංවෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ
සුදු සිනිදු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇතී
මුදු සුවද දැනෙනා ඉමේ දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ... වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි
ඔබෙ සිහින වල මා හිදියි
මගේ සිහින වල ඔබ හිදියි
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ
No comments:
Post a Comment