නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඔබ එන්කල් තනියෙන් ඉදලා - oba enakal thaniyen idala(බාචි සුසාන් - bachi susan)


Bachi Susan sinhala song lyrics

මං දමා 
ඔබ එදා 
මගෙ හිතින් 
නික්මිලා 
හැංගිලා 
ඇයි ඔයා 
ආදරේ  හැරදමා 

ඔබ සිහිවෙද්දී ඉනු කදුලු සගවා 
නෙතු හොර රහසෙ පිස දැම්මේ මා 
මගෙ හිතින් 
වෙන් වෙන්න කාරනා 
තාම් දන්නෑනෙ මා 

ඔබ එන්කල් තනියෙන් ඉදලා 
හිත හොදටම අද මුලා වෙලා 
තව සැරයක් ඇවිදින් සොයලා 
යනවද හිත හඩලා 

කොයිතරම් කාලයක් ගත වුනත් තාම නෑ 
දුක නිවී හදවතේ 
ආයෙමත් ඒවි නම්
නෑ තවත් මේ වගේ 
තනිකමක් හිමි වුනේ 
ලොවෙන් හොරා 
වහන් වෙලා 
විදින්නම් දුක මෙසේ 
මග හැරයන්න ඇයි පෙම් කලේ 

ඔබ එන්කල් තනියෙන් ඉදලා 
හිත හොදටම අද මුලා වෙලා 
තව සැරයක් ඇවිදින් සොයලා 
යනවද හිත හඩලා 

ඔබ මගේ කී ලෙසින්
යලි ඇවිත් මා සොයා 
හිස තියා පපු තුරේ 
පෙර වගේ ආදරෙන්
දැවටුනොත් කෝල වී
සැනසුමයි ජීවිතේ 
ඔබෙන් එහා 
හෙටක් නොයා 
ඉදින්නම් පණ මගේ 
මට පවසන්න ඇයි හැර ගියේ 

ඔබ එන්කල් තනියෙන් ඉදලා 
හිත හොදටම අද මුලා වෙලා 
තව සැරයක් ඇවිදින් සොයලා 
යනවද හිත හඩලා 

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X